July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව සිද්ධියේ නවතම තත්ත්වය

1 min read

රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමග නොසන්සුන් වී යළි තත්ත්වය පාලනය වූ මීගමුව බන්ධනාගාරයේ පසුගිය (8)දිනත් සුළු ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණ තිබූ බව පොලිසිය සඳහන් කළේය.

කෙසේ වෙතත් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිමල් පෙරේරා මහතා මැදිහත්ව තත්ත්වය පාලනය කර, රැඳවියන් නැවත සිරමැදිරිවලට යොමුකර ඇති බව සඳහන්ය.

ඒ හේතුවෙන් පසුගිය(8) පෙරවරුවේත් මීගමුව බන්ධනාගාරය අවට ආරක්ෂාව තරකර තිබුණි.

මේ අතර ගැටුම් ඇති වූ දිනයේ මීගමුව බන්ධනාගාර නිලධාරීන් සතුව තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවියක් අතුරුදන්ව ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර, එම බන්ධනාගාරයෙන් පිටත ඒ අසළ තිබී මි.මී. 9 වර්ගයේ මැගසිනයක් සහ උණ්ඩ 10ක් බුද්ධි අංශ විසින් සොයාගෙන තිබේ.

එමෙන්ම බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් වන ස්ථානීය පරීක්ෂණය සිදුකිරීම සඳහා ඊයේ (7) ප.ව. 3.15ට පමණ මීගමුව මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර පරිශ්‍රයට පැමිණ තිබේ.

බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් තවදුරටත් රඳවා සිටීම හේතුවෙන් දැඩි ආරක්ෂක රැකවල් මැද, පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ ඇය බන්ධනාගාරයට පැමිණ ඇත.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය උග්‍ර වෙයි..!

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාරයේ දොරටු, රැඳවියන් මියගොස් සිටි ස්ථාන, වෙඩි වැදුණු ස්ථාන මෙන්ම බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කෙරුණු ස්ථානද නිරීක්ෂණය කර ඇති බව සඳහන්ය.

එසේම බන්ධනාගාරයේ අවි ගබඩාවද ඇයගේ පරීක්ෂාවට ලක්ව ඇති අතර, රැඳවියන් ලබාගත් ටී-56 ගිනි අවියද පරීක්ෂා කර තිබේ.

කෙසේ නමුත් බන්ධනාගාරය තුළ තවත් රැඳවියන් පිරිසක් රඳවා සිටීම හේතුවෙන් ස්ථානීය පරීක්ෂණයෙන් අඩක් පමණක් සිදුකර ඇති අතර, අනෙක් රැඳවියන් ඉවත් කිරීමෙන් අනතුරුව ඉතිරි කොටස නිරීක්ෂණය කිරීමට නියමිත බව වාර්තා වේ.

ගැටුම්කාරී තත්ත්වය ඇතිවන අවස්ථාවේදී මීගමුව බන්ධනාගාරය තුළ සිටි රැඳවියන්ගේ දැඩි තදබදයක් පැවතී ඇති අතර, ඉන් 63%ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව සඳහන්ය.

මේ අතර රැඳවියන් පිළිබඳ තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන්ගේ ඥාතීන් අදත් මීගමුව බන්ධනාගාරය වෙත මෙන්ම, ගැටුමෙන් තුවාල ලැබූවන් ඇතුළත් කෙරුණු මීගමුව මහ රෝහල අසළට පැමිණ තිබේ.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් සහ ඔවුන් නිරායුධ බන්ධනාගාර නිලධාරීන්ට සිදුකළ පහරදීමේ සිද්ධියෙන් නිලධාරීන් 8 දෙනකු සහ රැදවියන් 20 දෙනකු මේ වන විට මිය ගොස් තිබේ.

ජනප්‍රිය පුවත්  චීනය කෙරෙහි විශ්වාසය තැබීම යනු හෙට දවස කෙරෙහි විශ්වාසය තැබීමයි- ශ්‍රී ලංකාවේ චීන තානාපති අතිගරු Qi Zhenhong

ඉන් තුවාල ලැබූ ගණන 100කට අධික අතර, රැඳවියන් විශාල පිරිසක් මේ වනවිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x