July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 17ක් විදේශ රැකියාවල

1 min read

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 17කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලොව පුරා විවිධ රටවල රැකියාවල නිරතව සිටින බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ පසුගිය (8)දා පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් පසුගිය 2025 වසර තුළ පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 8.2ක විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කිරීමට හැකි වූ බවද එහිදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද විදේශ රැකියා නියුක්තිකයන් මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ලබාදෙන මෙම සුවිශේෂී දායකත්වය අගය කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x