June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණ සේවා කොමිසමට පත්කිරීම සඳහා ජනපතිගේ නිර්දේශයට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

1 min read

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාදී තිබේ.

පසුගිය 22 වනදා රැස්වූ එම සභාව, මේ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එවා තිබූ නිර්දේශය සලකා බලා මෙසේ අනුමැතිය ලබාදී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණ සේවා කොමිසමට පත් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින අගවිනිසුරුට පසු ජ්‍යේෂ්ඨත්වයෙන් වැඩිම විනිසුරුවරයා ය. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යසන්ත කෝදාගොඩ මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යවා ඇති බව සඳහන්.

කෝදාගොඩ මහතා අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයකු වශයෙන් පත්වන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විශ්‍රාම යාමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x