මාලිමා ඇමතිවරුන්ගේ වංචා වසන් කිරීමට ජනාධිපතිවරයා ගහපු ගේම ගැන අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්..
1 min read
ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ හා වංචා චෝදනා හසුවීමට ආසන්න වන විට, ඒ පිළිබඳ සොයා බැලීම වෙනුවට එම කරුණු වසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
එම තොරතුරු සමාජයේ, මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල කතා කිරීම වැළැක් වීමට කෙටුම්පතක් කස්කළ බවත්, ඒ පිළිබඳව සමාජ විරෝධයක් පැනනගින විට එය හකුළා ගන්නා බවට පාර්ලිමේන්තුවේ දී බිමල් රාත්නායක ඇමතිවරයා පැවසූ බවත් ඔහු සඳහන් කරයි.
වත්කම් බැරකම් ප්‍රකාශනවල අඩංගු දේ සමාජයට හෙළිවීම වැළැක්වීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළේ මෙලෙස බවයි ඒ මහතා චෝදනා කරන්නේ.
වීඩියෝව නරඹන්න..
