July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමා ප්‍රාදේශීය සභා සභාපතිගේ පහරදීමෙන් පුද්ගලයෙක් රෝහලේ

1 min read

ජාතික ජන බලවේගය බලය හොබවන අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් තමන්ට අමානුෂික ලෙස පහර දුන් බව පවසමින් පුද්ගලයෙකු රෝහල්ගත වී තිබේ.

පහර කෑමට ලක්වූ පුද්ගලයා පවසන පරිදි, ඔහු එම ස්ථානයට පැමිණ ඇත්තේ සිදුවන දේ නිරීක්ෂණය කිරීමට මිස කිසිදු කලහකාරී ලෙස හැසිරීමට නොවේ.

කිසිදු කාරණයකින් තොරව සභාපතිවරයා තමන් වෙත පැමිණ පහර දුන් බව ඔහු චෝදනා කරයි.

“මම මෙතනට ආවේ මේ සිදුවීම බලන්න. මම කාගෙන්වත් කිසිම දෙයක් ඇහුවේ නැහැ, කිසිම බාධාවක් කළේ නැහැ. සභාපතිතුමා එකපාරටම ඇවිත් ‘උඹ මොකද මෙතන කරන්නේ’ කියලා අහලා මට තුන් හතර වතාවක් පහර දුන්නා. මම බිම වැටුණා, මගේ ෆෝන් එකත් විසිවෙලා ගියා. මට දැන් හරිම අමාරුයි, කරකැවිල්ල වගේ තියෙනවා,” යැයි පහර කෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ඇඳේ සිට ප්‍රකාශ කළේය.

මෙම පහරදීම පරණ තරහක් පිරිමසා ගැනීම සඳහා සිදු කරන ලද්දක් විය හැකි බවට ද ඔහු සැක පළ කරයි.

තමන් සාමකාමීව සිටියදී මෙලෙස පහර දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  නොසන්සුන්තා මැද ඇමරිකාව කියෙව් නුවර තානාපති කාර්යාලය හිස් කරයි.. යුරෝපා සංගමය දිගටම රැඳී සිටී..

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x