September 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රටේ නායක නාමය දරන පුද්ගලයන් කොයි තරම් සිටියත්, ඔවුන් තුළ සැබෑ නායකත්ව ලක්ෂණ නැහැ.. – නාරම්පනාවේ හිමි

1 min read

අද වන විට රටේ නායක නාමය දරන පුද්ගලයන් කොපමණ සිටියත්, ඔවුන් තුළ සැබෑ නායකත්ව ලක්ෂණ නොමැති වීම ගිහි මෙන්ම පැවිදි සමාජයම මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නාහිමියෝ ප්‍රකාශ කරති.

නායකත්වයක් ලැබෙනුයේ පුද්ගලික බැබලීමට නොව, එම පදවියට අදාළ ශාසනික, ආගමික සහ සමාජයීය කාර්යභාරයන් මැනවින් ඉටු කිරීමට බව උන්වහන්සේ අවධාරණය කරති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ වත්තේගම, මීගම්මන රජමහා විහාරාධිපති පූජ්‍ය මානින්ගමුවේ පියරතන නාහිමිපාණන් වහන්සේ වෙත ‘පහත දුම්බර ප්‍රධාන සංඝනායක’ පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් එම විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුනායක හිමියෝ, වර්තමානයේ සම්බුද්ධ ශාසනය තුළ විවිධ අර්බුද උද්ගතව ඇති බව පෙන්වා දුන්හ.

භික්ෂු වේශයෙන් පෙනී සිටින ඇතැමුන් බුදුදහමේ හරය සහ ඉගැන්වීම් අත්තනෝමතික ලෙස විකෘති කරමින් දේශනා පවත්වන බවත්, ඔවුන් මහා නායක හිමිවරුන්ට පවා අවනත නොවී කටයුතු කරන බවත් උන්වහන්සේ පැවසූහ.

මෙවැනි ක්‍රියා පිටුපස අභ්‍යන්තර මෙහෙයවන්නන් සිටිය හැකි බවත් භික්ෂු ප්‍රතිරූපකයන්ගෙන් ශාසනය රැකගැනීමේ වගකීම මහා සංඝරත්නයට පමණක් තනිව කළ නොහැකි අතර ඒ සඳහා රජයට සහ රටේ ජනතාවට විශාල වගකීමක් ඇති බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

ජනප්‍රිය පුවත්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ජාන් උම්මාගේ සැමියා අතුරුදහන්!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x