නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය යළි කැඳවීමේ සූදානමක්?
1 min read
නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන මහිෂිනී කොලොන්නේ මහත්මිය විදේශ අමාත්‍යාංශය සමඟ ඇතිවී තිබෙන මතභේද හේතුවෙන් යළි කොළඹට කැඳවීමට සූදානමක් පවතින බව වාර්තා වේ.
ඇමතිවරයාගෙන් ලැබුණු ඇතැම් උපදෙස් සම්බන්ධයෙන් ඇය එකඟ නොවීමත් සමඟ මහ කොමසාරිස්වරිය සහ විදේශ අමාත්‍යාංශය අතර සබඳතා පළුදු වී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
සුදුසු නව අපේක්ෂකයෙකු තෝරාගැනීමෙන් අනතුරුව ඇය වහාම යළි කැඳවීමට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය අප්‍රසාදය කොළඹට දැනුම් දී ඇති අතර, මහිෂිනී කොලොන්නේ මහත්මිය තවදුරටත් නවදිල්ලියේ තනතුරේ රඳවා තබන ලෙස ඉන්දීය පාර්ශ්වයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවද ආරංචි මාර්ග පවසයි.
එසේ වුවද, එම ඉල්ලීම නොතකා නවදිල්ලියේ තනතුර සඳහා සුදුසු පුද්ගලයෙකු සෙවීමේ ක්‍රියාවලිය අමාත්‍යාංශය ඉදිරියට ගෙන යමින් සිටින බව වාර්තා වේ.
