June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාවේ කුණු බද්දට එරෙහිව ව්‍යාපාරිකයෝ පාරට!

1 min read

මසකට රුපියල් 200ක කසල බද්දක් අය කිරීම සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව නගරයේ ව්‍යාපාරිකයන් අද (06) දින වෙළෙඳසල් වසා උද්ඝෝෂණයක නිරත වුණා.

2025 වසරේ සිට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් මසකට රු.200 බැගින් වාර්ෂිකව රු.2400ක කසල බද්දක් අය කිරිමට තීරණය කර ඇති බවත්, එම මුදල එක්වර වාර්ෂිකව ගෙවන වෙළෙඳසල්වල පමණක් වෙන් කර දෙන කැලිකසල ප්‍රාදේශීය සභාව මගින් එක්රැස් කරන බවට තමන් වෙත දැනුම් දී ඇති බවත් ව්‍යාපාරික ප්‍රජාව ප්‍රකාශ කරනවා.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව ආදායම් ලබන ආර්ථික වශයෙන් ශක්තිමත් ප්‍රාදේශීය සභාවක් බවත්, එවන් ප්‍රාදේශීය සභාවක් මගින් කැලිකසල බද්දක් අය කිරිම අසාධාරණ බවත් උද්ඝෝෂණයේ නිරත පිරිස කියා සිටියා.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් නගරයේ පොදු කටයුතු කිහිපයක් සිදු කර ඇති බවත්, එය ප්‍රමාණවත් නොවන බවත් උද්ඝෝෂකයෝ සඳහන් කරනවා.

දැනට තමන්ට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් ලබා දෙන පානීය ජලය පවා පිරිපහදු නොකර ලබා දෙන නිසා එම ජලය පානය කිරිමෙන් සෞඛ්‍ය ගැටළු රැසක් මතු වී ඇති බවද උද්ඝෝෂණයේ නිරත ව්‍යාපාරික ප්‍රජාව කියා සිටියා.

ජනප්‍රිය පුවත්  රටින් පිටවෙන්න කළින් ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් සත්‍යන්ජල් පාණ්ඩේ, ටිල්වින් සිල්වා හමුවෙන්න ගිහින්..

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට අංග සම්පුර්ණ කැලි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයක් තිබෙන බවත්, එම ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ප්‍රදේශයේ එළවළු ගොවීන්ට සහනදායි මිලකට ලබා දී ආදායම් ලබා ගැනීමට අවස්ථාව ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x