June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කතක් නිරුවත් කල ප්‍රෙස්ටීජ් රබර් ලොක්කා රිමාන්ඩ්

1 min read

උපස්ථායක සේවිකාවක් ලෙස ගෙන්වා ගත් කාන්තාවක් බලහත්කාරී අන්දමින් නිරුවත් කර වීඩියෝ කල සිදුවීමේ ප්‍රධාන සැකකරු වන Prestige Rubbers (Pvt) Ltd ආයතනයේ සභාපති ශෂ්නි කමර්දීන් (Shzni Kamardeen) ලබන මස (පෙබරවාරි ) 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියම කර තිබේ.

ලැඟුම්හලක සැඟව සිටි ප්‍රධාන සැකකරු ඊයේ (18) දින පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (19) අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා විසින් නියෝග කරනු ලැබුනේ අත් අඩංගුවට පත් ප්‍රධාන සැකකරු වන Prestige Rubbers (Pvt) Ltd ආයතනයේ සභාපති ශෂ්නි කමර්දීන් (Shzni Kamardeen) ලබන මස 02 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

අදාළ ලැඟුම්හලේදී කමර්දීන් සමඟ අත්අඩංගුවට ගැනුණු මොහොමඩ් රවුෆ් හා මොහොමඩ් හනීෆා යන සැකකරුවන්ද ලබන මස 02 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියම කරන ලදී.

පොලීසිය විසින් අධිකරණයට දන්වා සිටින ලද්දේ, අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සුවිශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බැවින් ඔවුන්ට ඇප ලබා නො දෙන ලෙසයි.

ජනප්‍රිය පුවත්  අනුරලට ආණ්ඩු කරන්න හැකියවක් නෑ! නිතරම කිච වෙන්නෙ එකයි!

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x