ආණ්ඩුවේ මන්ත්‍රීවරු ගැන බුද්ධිඅංශ සෝදිසියෙන් !
1 min read
ජනාධිපති අනුර කුමාරගේ උපදෙස් මත රාජ්‍ය බුද්ධිඅංශ නිලධාරින් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සියලු හැසිරීම් නිරීක්‍ෂණය කිරීම මේ වන විට සිදුකරමින් තිබේ.
අපගේ ආරංචි මාර්ග අනුව, එම මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් සම්බන්ධ සියලු පෞද්ගලික විස්තර ජනාධිපතිවරයා වෙත දැනුම්වත් කිරීම සඳහා නිතිපතා එකතු කරමින් ඇතැයි පැවසේ.
ආණ්ඩුව කෙරෙහි කලකිරී සිටින මන්ත්‍රිවරුන් කවුදැයි හඳුනාගැනීම මෙන්ම භාහිර දේශපාලන ප්‍රතිවාදින් සමඟ ගනුදෙනු කරන මන්ත්‍රිවරුන් කවුදැයි හඳුනාගැනීම, මෙම බුද්ධිඅංශ විමර්ශනයේ ප්‍රධාන පරමාර්ථය වී තිබේ.
මෙම විමර්ශනය පිළිබඳ වාර්තාව සතිපතා ජනාධිපතිවරයාට යොමු කෙරෙන අතර, එය පැලවත්තේ අවධානය සඳහා ද ඉන් පසුව යොමු කෙරෙන බව පැවසේ.
පසුගිය කාලයේ නි. අමාත්‍ය සුනිල් වටගල පාර්ලිමේන්තුවේ කතාවලට පමණක් සීමා කරන ලද්දේ මෙම බුද්ධි තොරතුරු මත පදනම්ව ගත් ක්‍රියාමාර්ගයකට අනුව බව ද අපගේ ආරංචිමාර්ග පෙන්වා දේ.
- රුචිර තේනුවර
