භාණ්ඩාගාරය හිස්වන ලකුණු! මෙන්න ඇත්ත!
1 min read
මෙම වසරේ ජනවාරි පළවෙනිදා වන විට රු:බි. 915 වූ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය 2 026 ජුනි 11 වැනි (බ්‍රහස්පතින්දා) දෛනික ව්‍යාපාර කටයුතු නිමා කරන විට රු:බි. 500ටත් වඩා අඩු ප්‍රමාණයකට පහත වැටී තිබේ.
පසුගිය සතියේ දී මහා භාණ්ඩාගාරය රු:බි. 140ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ නමුත්, එයින් ඉහළ පොලියට අලෙවි වී ඇත්තේ රු:බි.71ක බිල්පත් පමණි. එය 51% ප්‍රතිශතයකි. එමෙන්ම රු:බි. 150ක භාණ්ඩාගාර බැඳුම්කර ඉදිරිපත් කරනු ලැබුවත් එයින්ද අලෙවි වී ඇත්තේ රු:බි. 92ක (61%) බැඳුම්කර පමණි.
භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් ඉහළම පොලියට සපයා ගැනීමට දරන ලද මෙම උත්සාහයන් අපේක්ෂා කළ අන්දමින් සාර්ථක නොවීම මත මහා භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු:බි.500ටත් වඩා පහත වැටීමට හේතු වී තිබේ. භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර හරහා ලබා ගැනීම අසාර්ථක වී ඇත්තේ 30%ද ඉක්මවන පොලී අනුපාතයක් නියම කර තිබෙන තත්ත්වයක් තුළය.
2022 ජනවාරි මස 8.63% ද, පෙබරවාරි මස 9.05%ක් ද, මාර්තු මස 13.83%ක් ද වූ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 2022 අප්‍රේල් මස 23.53% ක් දක්වා ද 2022 සැප්තැම්බර් මස 31% දක්වාද ඉහල දැමුණි. එම වසරේ ඔක්තෝබර් මස නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය අනුපාතය වූයේ 32.33% කි. වර්ධනය වෙමින් පවතින මෙම අර්බුදකාරී තත්ත්වය තුළ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සඳහා වූ පොලිය අධික ලෙස ඉහළ දැමීමට සිදුවනු ඇත.
2026 අය- වැය දිරිපත් කරන විට භාණ්ඩාගාර ශේෂය රුපියල් ට්‍රිලියනයක් හෙවත් කෝටි ලක්ෂයක් විය. නමුත් මාස 5ක් තුළ දී එය රු:බි.915.83 සිට රුපියල් රු:බි. 620 දක්වා පහත වැටිණි. පසුගිය 11වැනිදා වන විට එය රු:බි.500 සීමාවට වඩා පහත වැටීම දැඩි මූල්‍ය අවධානමක ලකුණක් වේ. මෙම තත්ත්වය ඇතිව ඇත්තේ පෙර වර්ෂවල ගෙන්වා තිබූ රු:බි. 900කට වැඩි මුදලක් වාහන ආයෝජනය කිරීම සඳහා ආයෝජනය කිරීමන් ලබාගත් බදු මුදල් ලෙස උපයා ගත් හා ආදායම් උපදවන දෙපාර්තමේන්තුවල මැදිහත්වීමෙන් 20 24 ට සාපේක්ෂව 2025 වසරේදී 40% පමණ අතිරේක රාජ ආදායමක්ද උපයාගත් වටපිටාවක ය.
එමෙන්ම, රටේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති රු:බි. 1719න් මේ වසරේ පළමු කාර්තුවේ දී වැය කර ඇත්තේ රු:බි.106 කි (7.5%) පමණි. 2026 ජුනි 01 දින වන විට වැය කර ඇති රු:බි. 230කි. ප්‍රතිශතයක් ලෙස 13.4%කි. ප්‍රාග්ධන වියදම් නිසි පරිදි වැය කිරීම ආර්ථිකය හැකිලීම හා මන්දගාමී වීමට දැඩිව බලපා තිබේ.
මහා භාණ්ඩාගාරයේ ශේෂය රු:බි.500කට වඩා පහත වැටී ඇත්තේ දිට්වා අරමුදල් ලෙස ලැබුණු රු:බි.10ක් ද ඇතුළත්ව ය. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් බරපතළ මූල්‍ය අර්බුදයකට ශ්‍රී ලංකාව ගොදුරු වීම නොවැළැක්විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
අකිල වාස් සිරිවර්ධන
