June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බස්නාහිර ආණ්ඩුකාරයා ලබන ජනවාරි යයි!

1 min read

මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු බස්නාහිර ආණ්ඩුකාර තණතුරට පත්කරන ලද හනිෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත වහාම එම ධුරයෙන් ඉවත්වීම තාවකාලිකව අත්හිටුවා ඇති ඒ මහතා 2026 වසරේ ධූරයෙන් නිසැකවම ඉවත්වන බව ජනාධිපතිවරයාට දන්වා තිබේ.

මෙම ඉල්ලා අස්වීමේ තීරණයට ආසන්න වශයෙන් බල පා ඇත්තේ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් බස්නාහිර ආණ්ඩුකාරයාව හදිසියේම පැලවත්ත කාර්යාලයට කැඳවනු ලැබ තිබීම යි. එසේ ආණ්ඩුකාරයාව කැඳවා ඇති ටිල්වින් සිල්වා, තම කාර්යාල කාමරයේ පුටුවක අසුන් ගෙන සිටින රූමත් ගුරිවරියක පෙන්වා ඇයව වෙනත් පාසැලකට කඩිනමින් මාරු කර දෙන මෙන් නියෝග කර තිබේ.

මේ පිළිබඳව සිත් තැවුලට පත් බස්නාහිර ආණ්ඩුකාරවරයා, තම සමීපතමයන් සමඟ පවසා ඇත්තේ ”මට දුරකථනයෙන් කිවුවනම් ඒ වැඩේ කරන්න තිබ්බනෙ. මොකටද මාව එයාගේ කාර්යාලයට ගෙන්නුවේ.? මට තේරුණා ඒ ගුරිවරියට තමන්ගේ බලය පෙන්නන්න තමයි මාව එයා ඉස්සරහට කැ‍‍දෙව්වේ. මම හොදට ව්‍යාපාර කරන හිනිහෙක්. මට අවශ්‍ය නෑ මේ විදියට බාල්දු වෙන්න. මේ ටිකවත් මම ඉන්නේ ජනාධිපතිවරයා ඉල්ලීම් කරපු නිසා. නැත්තම් මම මෙලහකටත් අයින් වෙලා…” යනුවෙනි.

ජනප්‍රිය පුවත්  ‘ඉරානය, උත්තරීතර නායකකම දෙන්න යෝජනා කළා' 'මම එපා කිව්වා - ට්‍රම්ප්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x