June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බදු සංශෝධනයෙන් වාහන මිල ඉහළ යන හැටි මෙන්න.. – වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් අනාවරණයක්

1 min read

රජය විසින් අලුතින් පනවන ලද බදු සංශෝධන හේතුවෙන් ඉදිරියේදී මෙරට වෙළඳපොළේ වාහන මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

විශේෂයෙන්ම දැනට රුපියල් මිලියන 10ක (ලක්ෂ 100ක) පමණ මිලකට අලෙවි වන වාහනයක මිල, මෙම නව බදු ක්‍රමයත් සමඟ තවත් රුපියල් ලක්ෂ 15ත් 20ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව එම සංගමයේ උපසභාපති අරෝෂ් රොද්‍රිකෝ මහතා පෙන්වා දෙයි.

අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනක කාලයක් සඳහා මෙම නව බදු ප්‍රතිපත්තිය බලාත්මක වේ.

ඒ අනුව, වාහන ආනයනයේදී පවතින රේගු බද්ධ මත 50% ක අධිභාරයක් (Surcharge) පැනවීමට රජය තීරණය කර ඇත.

උදාහරණයක් ලෙස, යම් වාහනයක රේගු බද්ධ රුපියල් ලක්ෂ 30ක් ලෙස පැවතියේ නම්, නව අධිභාරයත් සමඟ වාහනයක මිල රුපියල් ලක්ෂ 15කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන් පවසයි.

මෙම නව බදු පැනවීම පොදු ප්‍රවාහන වාහන, පෞද්ගලික පරිහරණය සඳහා වන වාහන මෙන්ම භාණ්ඩ ප්‍රවාහන වාහන කාණ්ඩ කිහිපයක් සඳහාම බලපාන බව මූලාශ්‍ර සඳහන් කරයි.

ජනප්‍රිය පුවත්  2025 මාස 11ට පාරිභෝගික භාණ්ඩ ආනයනයට ඩො.මි. 4908ක් වැයකරලා!

කෙසේ වෙතත්, ඊයේ දිනට පෙර වාහන ආනයනය සඳහා ණයවර ලිපි (LC) නිකුත් කර තිබූ වාහන සඳහා මෙම නව බදු සංශෝධනය අදාළ නොවන බව රොද්‍රිකෝ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වාහන මිල ඉහළ යාමට මෙම නව බද්ද පමණක් නොව, ඇමරිකානු ඩොලරය, ජපන් යෙන් සහ ස්ටර්ලින් පවුම වැනි විදේශ විනිමය අනුපාතයන් ශීඝ්‍රයෙන් ඉහළ යාම, පසුගිය මැයි මාසයේදී පනවන ලද 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL)වැනි කරුණුද මෙම තත්වයට බලපා ඇති බව ආනයනකරුවන් පෙන්වා දෙයි:

මෙම සියලු කරුණු හේතුවෙන් වාහනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට දරාගත නොහැකි අධික මිලක් ගෙවීමට සිදුවන බවත්, මෙය කිසිසේත්ම අපේක්ෂා නොකළ තත්ත්වයක් බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කරයි

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතාට අනුව, රජය විසින් පනවා ඇති බද්ධ හේතුවෙන් විවිධ වාහන මාදිලිවල මිල ගණන් දළ වශයෙන් මෙසේ ඉහළ යනු ඇත:

වැගන් ආර් (Wagon R): රුපියල් ලක්ෂ 7ක් සහ 8ක් අතර ප්‍රමාණයකින්
වෙසල් (Vezel): රුපියල් ලක්ෂ 17ක් හෝ 18ක් පමණ ප්‍රමාණයකින් (සමහර විට එය ලක්ෂ 20ක් දක්වා වුවද ඉහළ යා හැකිය)
යාරිස් ක්‍රොස් (Yaris Cross): රුපියල් ලක්ෂ 14ක් සහ 15ක් අතර ප්‍රමාණයකින්
රේස් හයිබ්‍රිඩ් (Raize Hybrid): රුපියල් ලක්ෂ 13ක පමණ ප්‍රමාණයකින්
ප්‍රාඩෝ (Prado): රුපියල් ලක්ෂ 35ක් සහ 40ක් අතර ඉහළ අගයකින්
නමුත් විනිමය අනුපාත වෙනස්වීම මත තව දුරටත් මෙම මිල ගණන් වෙනස් විය හැකි යයිද ඔහු පැවසීය.

ජනප්‍රිය පුවත්  ටිල්වින්ලා ඉන්දියාවේ ජොලි කරනවා! හැටදාහක් වළේ ඉඳන් බලා ඉන්නවා!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x