පැලවත්තේ ගොදුර
1 min read
මේ ඉන්නේ පසුගිය දා ඉල්ලා අස් වූ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරයා ය. ඔහු, මහාචාර්ය සරත් බණ්ඩාර සමරසිංහ ය.
පසුගිය ජූලි 21 ක් වැනිදා ඔහු මධ්‍යම පළාත් ආණ්ඩුකාරධූරයෙන් ඉල්ලා අස් වූ බව දැනුම් දුන්නේ, එය පෞද්ගලික හේතු මත සිදුවන්නක් බව පවසමින්ය.
ප්‍රමුඛ පෙලේ සිවිල් ඉංජිනේරු විද්‍යා මහාචාර්යවරයකු වූ ඔහු 2009 – 2012 කාලයේ පේරාදෙණිය සරසවියේ 19 වැනි උපකුලපතිවරයා ය. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ දෙවැනි ධූර කාලය තුළ ය.
මේ වන විට මධ්‍යම පළාතට ආණ්ඩුකාරවරයකු නැත. ආණ්ඩුකාර ලේකම්වරිය ලෙස කටයුතු කළ මංජුලා මඩහපොළ ද විශ්‍රාම ගියාය. තවමත් ඒ පුරප්පාඩුව පුරවා ද නැත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව ආණ්ඩුකාරයා යනු පළාත තුළ ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයා ය. පළාත් සභාවට පවරා ඇති විෂයන් සම්බන්ධයෙන් විධායක බලය ක්‍රියාත්මක කිරීම සහ පළාත් රාජ්‍ය සේවය අධීක්ෂණය කිරීම ආණ්ඩුකාරයා සතු ප්‍රධාන වගකීමය.
මධ්‍යම පළාතේ ආණ්ඩුකාරධූරය දැරූ මහාචාර්ය සරත් බණ්ඩාර සමරසිංහ ඇත්ත කතාව නොකියා මාරු වෙන්නේ බලනහරය කපා ගැනීමට දක්වන බිය නිසාය. ඇත්තටම ඔහු ආණ්ඩුකාරධූරය අතහැරියේ පැලවත්තේ ජෙපි කාඩරයේ බලපෑම ඉවසන්නට බැරිම තැනය.
සම්පත් වික්‍රමසිංහ නැමැත්තා මේ අතර වන ප්‍රධාන ජෙප්පා ය. පැලවත්තෙන් ඔහුව ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් බවට පත් කළේය. ආණ්ඩුකාරයා ගත යුත්තේ කුමන තීරණය ද කියා තීරණය කළ එක ජෙපි කබ්බකු වූයේ ඔහුය.
අනෙක් කෙනා ෆාරික් ය. ආණ්ඩුකාරයාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකරණ ලේකම් වූයේ ඔහුය. අකුරණ ප්‍රාදේශීය සභාවේ මාලිමා කණ්ඩායමේ විපක්ෂනායක වන මොහු නැටවෙන්නේ පැලවත්තේ පදේට ය.
ආණ්ඩුකාරයාගේ මාධ්‍ය ලේකම් වූයේ, පැලවත්තෙන් දාපු ජෙපි කාඩරයේ ගං කබරයෙක් වූ ක්‍රිෂාන් වාසලගේ ය. ක්‍රිෂාන් වාසලගේ යනු ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රිනී දීප්ති වාසලගේ මල්ලි ය. මාතලේ මහනගර සභාවේ මන්ත්‍රීධූරයක් ද දරන ගමන් පැලවත්තේ ඕඩරයට අනුව ක්‍රියා කළ තවත් අයකු වූයේ වාසලගේ ය.
ආණ්ඩුකාරවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා වූයේ, කාලයක් තිස්සේ ජෙපි ගංකබරයකු වූ හේරත් ය. වෘත්තියෙන් ගුරුවරයෙකු වූ හේරත් පැලවත්තට “යර්ස්” කියනු හැර “නෝ” කියන්නට හිතන්නේවත් නැත.
ආණ්ඩුකාරයා මහාචාර්ය වූවට, ඔහුව නැටවූයේ මේ හතර දෙනාය. ආණ්ඩුකාරයා තම නිල රථය බවට “ඩබල් කැබ්” එකක් පාවිච්චි කරන විට, පැලවත්තෙන් නැට වූ ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් සම්පත් වික්‍රමසිංහ දිගටම පාවිච්චි කරේ CP – CAG 5831 අංක දරණ V8 රථයම ය.
පැලවත්තේ හයිය ඔලුවට පුරවාගත් සම්පත්, මේ වාහනය රජයේ රියදුරා රහිතව තමන්ට ගෙදර ගෙනියන්නත් බලය ලබාගත්තේ ආණ්ඩුකාරවරයා බිය ගන්වා ය. තව මෙහෙම කතා ඕනෑතරම් ඇතත්, දැනට අපි මේ කතාව මෙතැනින් නතර කරමු.
මෙය, මධ්‍යම පළාතේ ආණ්ඩුකාරයාගේ පමණක් ඉරණම නොවේ. මෙබදු තණතුරු දරන හැමෝගෙම ඉරණම ය. පැලවත්තේ බලය ඇත්තේ හැකියාවන් අතින් පොහොසත් නැති, සිතීමේ ශක්තිය ද අඩු පටු සීමාවක කොටු වී ටිල්වින්ගේ අතේය. ටිල්වින්ට ඉන්නේ ඊටත් වඩා පටු ජෙපි ගංකබරයන් ය. උන්දැලා කරන්නේ ප්‍රභූ තණතුර දරන එකාගේ ඇද කුද හොයා පැලවත්තට වාර්තා කිරීම ය.
පැලවත්තේ කුස පිරෙන්නේ මුදල් වලට අමතරව ඒ ඕපාදූප වෙතින් ය. ඉතින්, මෙය දරාගැනීමේ ඉම වෙත ආ විට පෞර්ෂය සහිත වූ ඔහු තණතුරු අතහැර ඒ පීඩාකාරී වලල්ලෙන් නිදහස් වෙන්නේ ය.
කාට කාටත් වෙන්නේ ඔය ටිකය. කාලය පමණක් එකිනෙකාට වෙනස් වනු ඇත.