June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තෙල් විතරනෙ ලොකුවට වැඩිවුනේ.. අනෙක් දේවල් ලොකුවට මිල වැඩිවෙලා නෑනෙ.. | මාලිමා මන්ත්‍රී

1 min read

ලෝක වෙළඳපොළේ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ ගියද, අනෙකුත් අමතර අමුද්‍රව්‍යවල මිලෙහි විශාල ඉහළ යාමක් සිදුව නොමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ පවතින ආර්ථික තත්ත්වය රජය ඉතා හොඳින් කළමනාකරණය කරමින් සිටින බවයි.

ඉන්ධන ආනයන වියදම් පිළිබඳ දත්ත ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පෙබරවාරි මාසයේදී ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 98ක් වැය වුවද, අප්‍රේල් මාසය වන විට එම වියදම ඩොලර් මිලියන 522ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම මත ඉන්ධන ලීටරයක සැබෑ මිල රුපියල් 740ක් පමණ විය යුතු වුවත්, රජය දැනට එය රුපියල් 424ක සීමාවේ පවත්වාගෙන යමින් සිටියි.

මේ සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 20,000ක් පමණ වැය කරමින් ඉන්ධන මිල කළමනාකරණය කරන්නේ ජනතාව මත සම්පූර්ණ බර නොපටවා සිටීමට බව ඔහු අවධාරණය කළේය.

ඉන්ධන මිල හැරුණු විට අනෙකුත් අමතර අමුද්‍රව්‍ය මිලෙහි විශාල වැඩිවීමක් සිදු නොමැති නිසා බස් ගාස්තු වැඩි කිරීමේ දැඩි අවශ්‍යතාවයක් දැනට නොමැති බව මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේය.

ජනප්‍රිය පුවත්  බන්ධනාගාරගතව සිටින කස්සප හිමියන් අතුළු හිමිවරු අසනීපෙන්!

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් බස් සංගම් සමඟ සාකච්ඡා කර ජනතාවට මෙන්ම බස් හිමියන්ටද පීඩාවක් නොවන පරිදි විසඳුම් ලබා දීමට රජය සූදානම් බව ඔහු සඳහන් කළේය.

පෙර පැවති ආණ්ඩු මෙන් නොව, ලෝක වෙළඳපොළේ තත්ත්වය අනුව මිල ගණන් අඩු කිරීමට හැකි සෑම අවස්ථාවකදීම එම සහනය ජනතාවට ලබා දීමට රජය ස්ථාවරව සිටින බව පද්ම කුමාර මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන පවා ලංකාවේ ආර්ථිකය ඕනෑම ජාත්‍යන්තර තත්ත්වයකට මුහුණ දිය හැකි මට්ටමකට පැමිණ ඇති බව පිළිගෙන ඇති බවත්, 2026 වසරට අදාළ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් නතර නොකර ඉදිරියට ගෙන යන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x