June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මොන ප්‍රශ්නේ ආවත් මිනිස්සු පාරට එන්නේ නෑ | මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

1 min read

පොහොර අර්බුදය සහ සහනාධාර කළමනාකරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට 90%ක්ම යූරියා පොහොර ආනයනය කරන්නේ ඉරානයෙන් බවත්, එහි පවතින ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද රජය විසින් පොහොර හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කර ඇති බවත් ප්‍රකාශ කළේය.

“අපි කළමනාකරණය කරලා මහජනතාවට අවශ්‍ය, ගොවියාට අවශ්‍ය කරන්නේ පොහොර වගාව සඳහානේ. ඒක එන්නේ ඉරානෙන්ද, කොහෙන්ද එන්නේ කියන එක වැදගත් නෑනේ. අපි වැදගත් මේ මොහොතේදීම චීනය, රුසියාව මේ හැම රටක් එක්කම කළමනාකරණය කරලා, පුද්ගලික අංශයත් එක්ක කතාබහ කරලා, පොහොර හිඟයකින් තොරව ලබාදෙන්න වැඩකටයුතු කරලා තියෙනවා විතරක් නෙමෙයි, සහනදායී කුත් ලබා දීලා තියෙනවා.”

එමෙන්ම ඉදිරි මහා කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණයන්, ගබඩා කර ඇති දත්ත සහ බෙදාහැරීම් පිළිබඳව රජය ඉතා විචක්ෂණශීලීව මැදිහත් වී සැලසුම් සකස් කර ඇති බවද හෙතෙම සඳන් කළේය.

ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ මිල කෙරෙහි යම් තෙරපුමක් ඇති වූ බව පිළිගත් අමාත්‍යවරයා, රට තුළ පවතින තත්ත්වය ක්‍රමිකව පරිවර්තනය වෙමින් පවතින බව පෙන්වා දුන්නේය. සමාජය තුළ අනවශ්‍ය ලෙස අර්බුදයක් මවාපෑම වැරදි බව පවසමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

ජනප්‍රිය පුවත්  වැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයම ඉල්ලන්නේ ඇයි… මල්වතු නාහිමි මාපිය සංවිධානයෙන් අසයි….!

“මේ තියෙන්නේ මේ ඩොලරය ඉහළ යාම නිසා භාණ්ඩ මිලට යම් තෙරපුමක් ආපු එක හැර, රට ඇතුලේ තියෙන තත්ත්වය ක්‍රමිකව පරිවර්තනය වෙමින් ආවා. හැබැයි ඒකෙ මම පිළිගන්නවා මහා ජීවිතය දෙගුණයකින් තෙගුණයකින් වෙනස් වෙලා නෑ, ඒක ඇත්ත.”

රජයේ ආර්ථික වැඩපිළිවෙළ සහ නිෂ්පාදන ආර්ථිකය ඉහළ නැංවීම පිළිබඳව කරුණු පැහැදිලි කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, රටේ ආදායම් මාර්ග ඉහළ නැංවිය හැක්කේ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමෙන් පමණක් බවයි. ඒ සඳහා රජය මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඔහු අවධාරණය කළේය.

“රටේ නිෂ්පාදනය වැඩි කිරීමනේ. ඒ ක්‍රියාමාර්ග ගනිමින්නේ ඉන්නේ. අලුතෙන් කර්මාන්තශාලා බිහිවීම, ආයෝජනය වීම, ඒ නිසා තමයි මම කිව්වේ අපේ නිෂ්පාදනය සඳහා යොදවන ආනයන කිසිදු ආකාරයකට තහනම් කරන්නවත්, අධෛර්ය කරන්නවත් යෙදිලා නෑ. එතකොට මේවගේ ප්‍රතිඵල එන්නේ ටිකෙන් ටික. ඒ අතරතුරේදී ප්‍රශ්න එනවා. ඕනෑම දෙයක් කළමනාකරණය… ඒ කියන්නේ රටක් කළමනාකරණය කරද්දී අපිට අනපේක්ෂිත දේවල් එන්න පුළුවන්.”

ශ්‍රී ලංකා රජය අර්බුදකාරී අවස්ථාවලදී මුදල් අච්චු ගැසීම වැනි අහිතකර පියවරවලින් බැහැරව, ප්‍රතිපත්තිගරුකව කටයුතු කළ ආකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇතුළු ජාත්‍යන්තර ආයතනවල පවා අගය කිරීමට ලක්ව ඇති බවද ඔහු මෙහිදී මතක් කර දුන්නේය.

ජනප්‍රිය පුවත්  හරිනි ඇමැති ධුරයෙන් ඉවත් කරන්න.. ඇල්ලේ හිමියන් ඉහළට ලියයි!

රජයේ වැඩපිළිවෙළ ගැන ජනතාවට ඇති අවබෝධය සහ විශ්වාසය පිළිබඳව අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වීය.

“නෑ, පාරට බහින්නේ නෑ ජනතාව අපි දන්නවා. හැබැයි ජනතාවට විශ්වාසයක් තියෙනවා. නමුත් ජනතාවට මේ කියන අර මොනවද න්‍යායාත්මක කරුණු ලොකුවටම අවබෝධ වෙන්නේ නෑ. ඒගොල්ලන් ගාවට දැනෙන්නේ ඔබ සඳහන් කරපු ඔය භාණ්ඩයේ මිල, පඩි ඔය වගේ දේවල්.”

පසුගිය සමයේ පැවති වැරදි ආර්ථික ප්‍රතිපත්ති මේ වන විට වර්තමාන රජය විසින් නිවැරදි කරමින් පවතින බවත්, එහි ප්‍රතිඵල ජනතාවට ලැබෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“නෑ, ඒ කාලේ… අපි විවේචනය කළේ ඒ වැරදි ප්‍රතිපත්ති. ඒ වැරදි ප්‍රතිපත්ති දැන් අපි නිවැරදි කරමින් ඉන්නවා… ජනතාව මුහුණ දෙමින් තියෙන්නේ නිවැරදි ප්‍රතිපත්ති සහිත, නිවැරදි ආණ්ඩුවක් යටතේ. එහි ප්‍රතිඵල ජනතාවට ළඟාවීමේදී සමහර අයට ඉක්මනින් ළඟාවෙනවා, සමහර අයට ප්‍රමාද වෙනවා. ඒ විශ්වාසය ගොඩනැඟිලා තියෙනවා මේ ආයෝජකයන්ගේ පවා. දැන් විදේශීය ආයෝජකයන් අපි අරගත්තට පස්සේ, ඒ කිසි කෙනෙකුට අපි වෙනස්කම් කරන්නෙත් නෑ, වෙන… අර මොනවද, මේ ෆේවර් (favor) කරන්න යන්නෙත් නෑ, අනවශ්‍ය විදිහට සලකන්න යන්නෙත් නෑ.”

ජනප්‍රිය පුවත්  හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල් අත්අඩංගුවට!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x