June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේත් විරෝධය..

1 min read

අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කොළඹ මහාධිකරණ නීතිඥවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිටු 6කින් යුත් ලිපියක් යොමු කරමින් එම සංගමය අවධාරණය කර තිබුණේ, ඒ හරහා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ඇති මහජන විශ්වාසය පළුදු වන බවයි.

එහිදී කොළඹ මහාධිකරණ නීතිඥවරුන්ගේ සංගමය පෙන්වා දී ඇත්තේ එවැන්නක් මගින් අධිකරණ සේවයේ උසස්වීම් ක්‍රමවේදයට අවහිරතා ඇතිවිය හැකි බවයි.

එසේම, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය මෙමගින් අඩුවිය හැකි බවද එම ලිපියේ සඳහන්.

මේ අතර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා නීතිඥ සංගමයේ ද විරෝධය පළ කරන බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x