June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩොලර් මිලියන 2.5 හැකර් වංචාවට මහ බැංකුවේ වගකීමක් නෑ…! – මහ බැංකු අධිපති….

1 min read

විදේශ ණය ගෙවීමේ පද්ධතියේ පවතින ක්‍රියාකාරිත්වය සහ මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් ඩොලර් මිලියන 2.5ක මූල්‍ය ගනුදෙනුව සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා අද මාධ්‍ය අමතමින් ප්‍රථම වරට විශේෂ හෙළිදරව්වක් සිදු කර ඇත.

අධිපතිවරයා පෙන්වා දෙන්නේ 2016 වසරේදී ලබාගත් පද්ධතියක් යාවත්කාලීන කිරීමේදී (migration) ඇති වූ ගැටලුවක් මෙම තත්ත්වයට බලපා ඇති බවයි.

2020 වන විට එම පද්ධති යාවත්කාලීන වී නොතිබීම හේතුවෙන් (outdated), අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් වගවිය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් මතු වූ බව ඔහු සඳහන් කළේය.

ණය ගෙවීමේ ක්‍රියාවලියේදී මහ බැංකුව කටයුතු කරන්නේ රජයේ බැංකුකරු ලෙස බව අධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. “මුදල් අමාත්‍යාංශය විසින් යම් ගෙවීමක් සඳහා උපදෙස් ලබා දුන් විට, මහ බැංකුව සිය සංචිත භාවිතයෙන් හෝ රුපියල් වෙනුවට ඩොලර් ලබාගෙන අදාළ ගිණුමට මුදල් බැර කිරීම සිදු කරනවා,” යැයි ඔහු පැවසීය.

මෙම ගෙවීම් සිදු කිරීමේ ක්‍රියාවලිය මහජන ණය දෙපාර්තමේන්තුව (PDD) හරහා මීට පෙර සිදු වූ අතර, දැනට එය නව මහජන ණය කළමනාකරණ (PDM) ඒකකය යටතේ පවතී. මෙම සංක්‍රාන්ති කාලසීමාව තුළ මහ බැංකුවේ පද්ධති භාවිත කරමින් අදාළ නිලධාරීන් විසින් දත්ත ඇතුළත් කිරීම් සහ අනුමත කිරීම් සිදු කර ඇති බව අනාවරණය වී ඇත.

ජනප්‍රිය පුවත්  මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන වෙත මුදාහැර ඇති මර්දනය නවතනු! -

බැංකුවකට ගනුදෙනුකරුවෙකු විසින් ලබා දෙන උපදෙස් වෙනස් කිරීමට බැංකුවට බලයක් නොමැති බව අධිපතිවරයා අවධාරණය කළේය. “සාමාන්‍ය ගනුදෙනුවකදී මෙන්ම, ලබා දෙන ගිණුම් අංකය නිවැරදි නම් බැංකුව ගෙවීම් සිදු කරනවා. ඉන් එහාට එම උපදෙස් පරීක්ෂා කිරීමට හෝ වෙනස් කිරීමට මහ බැංකුවට වගකීමක් නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, මෙවැනි වංචනික ක්‍රියා අනාගතයේදී වැළැක්වීම සඳහා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එක්ව පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පවතින පළපුරුද්ද භාවිත කරමින් ආරක්ෂිත පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව අධිපතිවරයා සහතික විය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x