දැන් මාලිමාවට 83 යි ! නවතම සමීක්ෂණයකින් හෙළි වේ !
1 min read
මලික් සමරවික්‍රම විසින් පෞද්ගලික ආයතනයක් හරහා දිවයින පුරා විශාල සංඛ්‍යාවකගේ (10,000) සාම්පලයක් ආවරණය වන පරිදි සිදු කර තිබෙන සමීක්ෂණයක දත්ත අණාවරණය කර ගැනීමට අපගේ ගවේෂණ මාධ්‍ය කණ්ඩායම සමත් වී තිබේ.
මෙම සමීක්ෂණය සිදු කර තිබෙන්නේ දැනට ආණ්ඩුව හා විපක්ෂය පිළිබඳව ඇති ජනතා කැමැත්ත වෙන වෙනම හඳුනාගැනීම පිණිසය.
එයට, අනුව මෙම අවස්ථාවේදී මහ මැතිවරණයක් පවත්වන ලද හොත්, “මාලිමා”වට ලැබෙන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 83 කි. සෙසු දේශපාලන නායකයන්ට සාපේක්ෂව ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය සුළු අගයකින් ඉදිරියෙන් පැවතිය ද, එය තිබුණු මට්ටමේ සිට 23% කින් පහත වැටී තිබේ. එහෙත්, වතුකරයේ දෙමළ ජනතාව හා නැගෙනහිර පළාතේ හැර සෙසු පළාත්වල මුස්ලිම් ජනතාව තුළ ජනාධිපතිවරයා පිළිබඳ කැමැත්ත අඩුවී ඇත්තේ සුළු වශයෙනි.
ආණ්ඩුව පිළිබඳව ඇති පොදු අප්‍රසාදය 68% ක ප්‍රමාණයට ඉහළ ගොස් ඇතත්, ඒ ප්‍රමාණයටම විපක්ෂයේ පක්ෂවල ජනප්‍රියතාවය ඉහළ ගොස් නැත. එමගින් පෙනී යන්නේ ආණ්ඩුව අප්‍රසාදයට ලක් වුව ද එය අත හරින ලද ජනතාවගේ විශාල ප්‍රමාණයක් තවමත් කිසිදු දේශපාලන ව්‍යාපාරයක් තම තෝරාගැනීම බවට පත්කරගෙන නැති බවය.
මේ හේතුව මත මෙම සමීක්ෂණ වාර්තාව මත පදනම්ව මලික් සමරවික්‍රම, ක්‍රිෂාන්ත කුරේ ඇතුළු ජනාධිපතිවරයාට පෞද්ගලිකව හිතවත් කණ්ඩායමක් සිදුකර ඇති සාකච්ඡාවක දී පවසා ඇත්තේ, ලැබෙන පළමු අවස්ථාවේ දීම මහමැතිවරණයක් පැවැත්වීම සුදුසු බවය. ප්‍රමාදවන සෑම මොහොතකදීම ආණ්ඩුවේ ජනප්‍රියතාව නාය යන බැවින්, මහමැතිවරණයකින් කිසිවකුටත් තනි බලයක් හිමි කර ගැනීමට නොහැකි වනු ඇති නිසා මාලිමාව සතු මන්ත්‍රී කණ්ඩායම, විධායක ජනාධිපති බලය මත කේවල් කර ස.ජ.බ වැනි කණ්ඩායමක් සමග සන්ධානගතව ආණ්ඩුව ස්ථාවර කිරීම කළ හැකි බවය.
ආණ්ඩුව කෙරෙහි ඇතිවන ජනතා විරෝධය ප්‍රචණ්ඩව පිටවීමට ඉඩ නොතබා ප්‍රජාතාන්ත්‍රිකව එම විරෝධය පිට වීමට ඉඩදීම ද සුදුසු බව එහි දී සැලකිල්ලට ලක්ව තිබේ. මේ පිළිබඳව ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය තුළ දී ජනාධිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබේ. එම අදහස එහි අනුමැතියට ලක්ව ඇත. වෙනත් පක්ෂවල දක්ෂයින් එකතුකරගැනීමේ පාඨය ඔසවා ඇත්තේ එම එකඟතාවයෙන් පසුව බව අපගේ ගවේෂණශීලී මාධ්‍ය කණ්ඩායම අණාවරණය කරගෙන තිබේ.