ඩොලර් ප්‍රශ්නය බෙහෙත්වලටත් බලපායි
1 min read
ඖෂධ මිල සියයට විස්සකින් (20%) න් ඉහළ දමන ලෙස බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි.
ඩොලරයේ මිල ඉහළ යාමත් සමග පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදි ඖෂධ නිෂ්පාදනය කර ගැනීමට නොහැකිව ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බවද බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේසංගමයේ සභාපති නලින් කන්නන්ගර සතිඅග අරුණට ප්‍රකාශ කළේය.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඖෂධ නිෂ්පාදනයට සහ ඇසුරුම් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල අධිකවීමේ තත්ත්වය මත ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය නිසි ලෙස සිදුකරගැනීමට නොහැකි තත්ත්වයක් මේවන විට මතුව ඇත. ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් චීනය සහ ඉන්දියාවෙන් ගෙන්වනු ලබන අතර මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය තුළ එම අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී ද බාධා මතුව ඇත.
මෙම තත්ත්වය මත දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි බව බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නලින් කන්නන්ගර පවසයි. එම අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වාගැනීම සඳහා ඖෂධවල මිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් ඇති බව ඔහු සඳහන් කරයි.
මේ වන විට රජයේ රෝහල්වල ඖෂධ අවශ්‍යතාවයෙන් 30% පමණ සපයනු ලබන්නේ බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමය විසිනි. එසේම විදුලිය ගාස්තු ඉහළ දැමීමේ තත්ත්වය මත ඖෂධ ගබඩා කිරීමේදි ගැටලු පවතින බවද ඖෂධ නිෂ්පාදන කර්මාන්තකරුවෝ පවසති.
