මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට නොසන්සුන්තාවක්
1 min read
මීගමුව බන්ධනාගාර පරිශ්රය ඉදිරිපිට රැඳවියන්ගේ ඥාතීන් සහ ආරක්ෂක නිලධාරීන් අතර නැවත වරක් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
තම ඥාතීන් බන්ධනාගාරය තුළ සිටින්නේ ද යන්න පිළිබඳව එහි සිටි පිරිස් නිලධාරීන්ගෙන් විමසීමට උත්සාහ කිරීමේදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.
කෙසේ වෙතත්, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන බන්ධනාගාර පරිපාලනය විසින් එහි රඳවා සිටින රැඳවියන්ගේ නාමලේඛනයක් මේ වන විට ප්රකාශයට පත් කර තිබේ.
මේ අතර, ආරක්ෂක හේතූන් මත මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් 800කට ආසන්න පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට ද බලධාරීන් පියවර ගෙන ඇත.
