April 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජවිපෙ පෙණුනු විදිහ හා පෙනෙන විදිහ..!

1 min read

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) / ජාතික ජන බලවේගය ලෙස (මාලිමාව) දේශපාලන සන්නාමකරණය කිරීම ලැකානියානු මනෝවිශ්ලේෂණාත්මක සංකල්ප (අනෙකාගේ බැල්ම/The Gaze, වෙස්මුහුණ) ඇසුරෙන් විග්‍රහ කරන ඉතා ප්‍රබල විචාරාත්මක අදහසකි..

මෙම අදහස තවදුරටත් පුළුල් කරමින්, ඔබ මතු කරන කරුණු කිහිපයක් මෙසේ සාකච්ඡා කළ හැකිය..

අල්පේච්ඡතාව වෙස්මුහුණක් ලෙස භාවිතා කරන ජවිපෙ දේශපාලකයා “අල්පේච්ඡ, දූෂණයෙන් තොර, පරමාදර්ශී චරිතය” ලෙස සමාජගත කිරීම සාර්ථක දේශපාලන උපාය මාර්ගයකි.. මෙය ලැකාන්ට ( ලාල් කාන්ත නොවේ) අනුව වෙස්මුහුණ (Mask) වේ. ජනතාව එය පිළිගන්නේ ඔවුන්ට දූෂිත දේශපාලන සංස්කෘතියෙන් මිදීමේ අවශ්‍යතාවක් පවතින බැවිනි..

අනෙකාගේ බැල්ම සහ රංගනය,

මෙහිදී “අනෙකා” යනු පොදු මහජනතාවයි.. ජවිපෙ ක්‍රියාකාරිකයා නිරන්තරයෙන්ම සිතන්නේ/ක්‍රියා කරන්නේ (නැතිනම් රඟපාන්නේ) තමා දෙස බලා සිටින ඒ මහජනතාව අපේක්ෂා කරන පිරිසිදු චරිතය ලෙසය..

මෑත කාලීන උදාහරණ අනුව, වරද ඇත්තේ මුදල් ලැබුණු මාර්ග ගැන ප්‍රකාශ කිරීමේදීය යන්නෙන් අදහස් වන්නේ, ඔවුන් අතින් වෙස්මුහුණ ගිලිහී, යථාර්ථය නිරාවරණය වීමට යාම මගිනි.. එමඟින් “අනෙකාගේ බැල්ම” ඔවුන්ව විනිශ්චය කිරීමට පටන් ගනී..
වෙස්මුහුණ (අල්පේච්ඡ පෙනුම) ගලවා බැලූ විට, එය යටින් ඇත්තේ ද තවත් සාමාන්‍ය මිනිසෙකු (පෞද්ගලික ධනය/අවශ්‍යතා සහිත) බව පෙනේ..

වෙස් මුහුණම සත්‍යයක් ලෙස පිළිගන්න” යන්න, දේශපාලනයේ පවතින නිරපේක්ෂ සත්‍යයක නොපැවැත්ම අවධාරණය කරයි.. දේශපාලනයේදී පෙනුම යනුම යථාර්ථයයි..

ජවිපෙ මන්ත්‍රීවරුන් ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ නායකත්වය, සරල බව සහ දූෂණයෙන් තොර බව යන රූපරාමුව ආරක්ෂා කරගන්නා තාක් කල්, ඔවුන් සත්‍යය ලෙස සමාජය විසින් පිළිගැනේ..

එම වෙස්මුහුණ ඉවත් කිරීමට (හෝ එය බිඳී යාමට) පටන් ගත් විට, ඔවුන් සාමාන්‍ය දේශපාලකයෙකු බවට පත්වෙයි..

මෙය බලය ලබා ගැනීමට වෑයම් කරන ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට අදාළ වන, “රූපය සහ යථාර්ථය” අතර දෝලනය වන තියුණු විශ්ලේෂණයකි..

දේශපාලනයේදී බලය ලබා ගැනීම සඳහා සාමාන්‍ය ජනතාවගේ පෙනීම අන්ධකරවමින් අනෙකාගේ බැල්ම වෙතට ඔවුන්ව ආමන්ත්‍රණයට ලක් කළ යුතුය.. ඇතැම් ජවිපෙ සහෝදරයන් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන පිරිසක්ය යන්න, සහ වංචාවෙන් දූෂණයෙන් තොරව මේ රට ගොඩ නගා ගත හැකි පිරිසක්ය යන්න සාමාන්‍ය ජනතාවට ඒත්තු ගැන්විය හැකි වුයේ මෙම අනෙකාගේ බැල්ම කෙරෙහි වූ ඔවුන්ගේ (නො)ක්‍රියාකාරීත්වය නිසාය.. ජවිපෙ ක්‍රියාකාරිකයා ආවරණය කරමින් අල්පේච්ඡ ජීවියා නම් වෙස් මුහුණ සවි වී ඇත.. ඒ අනුව තමන්ගේ සියලු ජීවන බර පක්ෂයේ හිතාධරයන් විසින් දරන බව සහ තමන් කිසිදු අයුරකින් ධනෝත්පාදන ක්‍රියාවලියක නොමැති බවත් පසුගිය කාලයේ ජවිපෙ ඉහළම නායක සහෝදරයන්ගෙන් පුන පුනා ප්‍රකාෂ වූ කරුණකි.. සාපේක්ෂව ගත් කල එහි වරදක් නොමැත.. දේශපාලනය යනු එයයි..
නමුත් වරද ඇත්තේ තමන්ට මුදල් ලැබුණේ යම් යම් උත්සව හරහා බවට ජවිපෙ ඇතැම් මන්ත්‍රීවරුන් කරනු ලබන ප්‍රකාශයන් තුලය..

ජනප්‍රිය පුවත්  ඖෂධ සහ කම්බ හොරු

බාහිර පෙනුමට ඇතුළතින් කිසිවක් නැත.. එහෙත් මිනිස් ආත්මය ගොඩනැගෙන්නේම බාහිර පෙනුමට යටින් යම් සත්‍යයක් සොයාගෙන යෑමේදීය.. අනෙකාගේ බැල්ම(gaze) යනු. බාහිර පෙනුමට ඉදිරියෙන් පවතින්නක් නොව බාහිර පෙනුම ආවරණය කර ගනිමින් ඊට පසුපසින් පවතින්නකි.. අපගේ ආශාවේ වස්තු හේතුව ලෙසින් මෙම අනිකාගේ දැක්ම නිරන්තරයෙන්ම අප දෙස බලා හිඳී.. අප කවුද යන්නත්, අපගේ වැරදි පියවරයන් දෙස බලා සිටින්නා ලෙසත් මෙම අනෙකාගේ දැක්ම අපට රහසින්වත් පව් කිරීමට ඉඩ ලබා දෙන්නේ නැත.. මාලිමා ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ගේ බාහිර පෙනුම යටින් යම් සත්‍යයක් පවතිනවා යන්න නිරන්තරයෙන් ප්‍රකාශ කළත් බලය ලබා ගැනීමට පෙර ඔවුන්ගේ ආමන්ත්‍රණය තරම්ම එය ශක්තිමත් වූයේ නැත.. ලැකාන්ට ( ලාල් කාන්ත නොවේ ) අනුව වෙස් මුහුණ යටින් ඇති අනෙකාගේ බැල්ම යනුවෙන් යමක් නැත.. ඇත්තේ විය නොහැකියාවක් පමණි.. එහෙයින් වඩ වඩාත් වෙස්මුහුණ ඇතුළතින් ඇති සත්‍යය සොයාගෙන යෑමේදී අප වැනිම පෞද්ගලික ධනයක් සහිත ජවිපෙ ක්‍රියාකාරිකයකු හමු වනු ඇත.. සාමාන්‍ය ජනතාවට කෙසේ වෙතත් මාලිමා මන්ත්‍රීවරුන්ට ඔබලාගේ වෙස් මුහුණම සත්‍යයක් ලෙස පිළිගන්න කියා යෝජනා කිරීම සුදුසුය.. මන්ද ඔබව විනිශ්චය කිරීමට බාහිරින් මහා අනෙකෙකු යනුවෙන් යමෙක් නොපවතින නිසාය..

ජනප්‍රිය පුවත්  පෝක් සමුද්‍ර සන්ධිය හරහා නිර්මාණය වන බියකරු රළ පහරක්!

ජනතාවට නැති කිසිම දෙයක් අපට එපා කියලා බලයට පත් මාලිමා රජයේ නායකයින් දැන් සියලු වරප්‍රසාද භුක්ති විදිමින් සැපසේ හිදී.. ඒ ඒ තනතුරු වලට හිමි වරප්‍රසාද භුක්ති විදීමේ කිසිම වරදක් නැත.. මින් පසු වත් මෙවන් බොරු කාරයින්ට නොරැවටී අන් අයගෙ සැපත වරදක් ලෙස දකින නායකින් නොව එවන් සැපතක් ජනතාවටත් උරුම කරදිය හැකි, දීමට උත්සහ කරන ජන ජීවිතය දසමයකින් හෝ සැපවත් කළ හැකි නායකයින් තෝරා පත් කර ගත යුතුය..
කීරි සම්බා මිල වැඩිනම් අඩු මිලැති සහල් ආහාරයට ගන්න කියන්න ඇමති කෙනෙක් ඕනද? ගල් අඟුරු වංචාව නිසා විදුලිය නිෂ්පාදනය අවම වූ විට තමන්ගේ රෙදි හෝදන විදිය කියන්න ඇමතිලා ඕනද?

මේ රජය බලයට පත් වන මොහොත වන විට තිබුනු තත්වයට වඩා ජිවිතය දැන් සැපවත්ද? පොරොන්දු වුන එකම සහනයක්වත් දුන්නද?

මේ ලාල්කාන්ත සහෝදරයාගෙන් තොරව අපට හමුවූ මෑත කාලීන තවත් ප්‍රභූ සහෝදරයෙකුගේ ශේෂ පත්‍රයයි..

2025 වසර සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශය.

මෙය වසන්ත සමරසිංහ සහෝදරය විසින්ම ලබා දුන්, ඔහුගේ දේපළ සහ වත්කම් වල නිල වාර්තාවයි..

ප්‍රසිද්ධ කළ පවුලේ සාමාජිකයන් ගණන දෙදෙනායි. (ඔහු සහ බිරිඳ)

වත්කම්

1) වාණිජමය ගොඩනැගිල්ල – වටිනාකම රුපියල් මිලියන 150

2) තට්ටු තුනක වාණිජමය ගොඩනැගිල්ල – වටිනාකම මිලියන 75

3) පදිංචි නිවස – වටිනාකම මිලියන 10

4) කිලො වොට් 30 ක සෝලාර් පවර් යුනිට් දෙකයි – වටිනාකම මිලියන 6.5 (3.25 *2)

5) රත්තරන් පවුම් 17.5 – වටිනාකම රුපියල් මිලියන 4.5

6) ටොයෝටා ප්‍රියස් මෝටර් රථය – වටිනාකම රුපියල් මිලියන 15

ජනප්‍රිය පුවත්  විගණකාධිපති එලවූ ‘ටිකට්’ මඩ බලකාය සහ ජනාධිපති කාර්යාලයේ ‘සමකාලීන මිතුරා

7) ස්ථාවර තැන්පතුව – ලක්ෂ 2 යි

8) ඉතුරුම් තැන්පතුව – ලක්ෂ 11 යි

9) ඉතුරුම් තැන්පතුව II – ලක්ෂ 6.5

10) LOLC සමාගමේ කොටස් 21,000 – වටිනාකම රුපියල් මිලියන 12

11) ක්‍රිප්ටො – 3000 USD (රුපියල් මිලියන 1)

ආදායම්

1) කූලි ආදායම – රුපියල් මිලියන 5.1

2) කූලි ආදායම II – රුපියල් මිලියන 7

3) සමාගම් ආදායම – රුපියල් මිලියන 3

4) සෝලර් පවර් ආදායම – ලක්ෂ දෙකයි

සම්පූර්ණ වත්කම් (නිල) – රුපියල් මිලියන 275 / රුපියල් කෝටි 27.5

ජීවිත කාලයම රැකියාවක් නොකළ, මින්පෙර දුප්පත් පවුලක ඉපදුනා කියපු වසන්ත සමරසිංහ මහත්තයට මිලියන 275 ක වත්කම් තිබෙනවා.

හොඳ ගෙයක් තියෙනවා.

ලොකු බිල්ඩින්, ඉඩම් තියෙනවා. ඒවා කුලියට දීලා ආදායම් ගන්නවා.

රත්තරං තියෙනවා.

වාහන තියෙනවා.

ලංකාවේ ලොකුම සමාගමේ කොටස් තියෙනවා.

බිස්නස් වල ඉන්වෙස්ට් කරලා තියෙනවා.

ක්‍රිප්ටො තියෙනවා.

ජීවිත කාලයම රැකියාවක් කරපු, සාමාන්‍ය මධ්‍යම පාන්තික ඔබට කොච්චර වත්කම් තියෙනවාද ?

ජවිපෙ පක්ෂ ඉතිහාසයේ පළමු වරට ඉල්මහ විරුවන් අනුස්මරණය කරන්නට ජවිපෙ නායකයා සහභාගී නොවීමට තරම් මාලිමාව සහ ජවිපෙ අතර ඇතිවී තිබෙන ප්‍රතිවිරෝධය දරුණු වී ඇති බව මනා ලෙස සමාජයට නිරාවරණය වෙමින් පැවතීමද ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට කිසිසේත් හිතකර නොවේ..

අවසානයේ සියල්ලම කැටිකොට ගතහොත් මාලිමාව ලෙසින් දේශපාලන සන්නාමකරණය වූ ජවිපෙ නැමැති මහා වෘක්ෂයද හිසක් නැති කවන්ධයක් බවට පත් කිරීමට නූතන ජවිපෙ නායකයන් සියලුම දෙනා ඉමහත් කැපවීමෙන් යුක්තව නිරතවන බව නම් පසක් කර දිය යුතුය..

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x