November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නාමල් අල්ලන්න ”බ්‍රයිබරියෝ”, ”සිඩ්ඩෝ” ඕස්ට්‍රේලියා යති ! නිමල් පෙරේරත් ”අසාද් මවුලානා” වෙන්න ලෑස්තිලු !

1 min read

රංග දිසානායකගේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් යුක්ත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂමේ නිලධාරින් (”බ්‍රයිබරියෝ”) කිහිපදෙනෙකු සහ ශානි අබේසේකර දේශපාලනඥයාගේ මෙහෙයවීමෙන් යුක්ත C.I.D. යේ නිලධාරින් (”සිඩ්ඩෝ”) කිහිපදෙනෙකු පසුගිය ඉරිදා (19) රාත්‍රියේ ඕස්ට්‍රෙිලියාවේ මෙල්බර්න් නුවර බලා ගුවන් ගත වී තිබේ.

ඒ, ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 14 ක් මිල දී ගැනීමේ සහ බදුදීමේ ගනුදෙනුවෙදි සිදු වූ බව කියන ”ඇමරිකානු ඩොලර් මිලියන 16 කට අධික මහා පරිමාණ අල්ලස් වංචාව” පිළිබඳ නඩු විභාගයට අදාළව, පසුගිය දා සියදිවි හානි කරගත් කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වූ ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ඒම සඳහා මෙන්ම, කුප්‍රකට ”ක්‍රිෂ්” ගණුදෙනුව පිළිබඳ නඩු විභාගයට අදාළව ප්‍රකට ව්‍යාපාරික, දැනට ඕස්ට්‍රෙිලියාවේ පදිංචි නිමල් පෙරේරා වෙතින්, නාමල් රාජපක්ෂට අවාසියට බලපාන පරිදි ප්‍රකාශයක් ලබාගැනීම පිණිස ය.

මෙම ”බ්‍රයිබරියෝ” සහ ”සිඩ්ඩෝ” කණ්ඩායම ඕස්ට්‍රෙිලියාවට යාමට පෙර, ජනාධිපති අනුර කුමාර ව්‍යාපාරික නිමල් පෙරේරා සමග දුරකථනය මගින් සම්බන්ධ කරගෙන තිබේ. එහිදී ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ ”ක්‍රිෂ්” ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂ අයුතු වාසි ගත් බව පවසා ප්‍රකාශයක් ලබාදෙන මෙන්ය. වෙනත් විදියකට පවසන්නේ නම් තවත් ”අසාද් මවුලානා” කෙනෙකු වෙන මෙන්ය. එසේ කළහොත්, ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධව වන වෙනත් පරීක්ෂණ සියල්ල තමන් යටගසා දෙන බව ද ජනාධිපතිවරයා එහි දී පොරොන්දු වී තිබේ.

ජනප්‍රිය පුවත්  කොටස් වෙළෙඳපොල කඩා වැටේ ! ආයෝජකයෝ පලා යති !

ව්‍යාපාරික නිමල් පෙරේරාගේ සමීපතම මිතුරකු මගින්, මෙම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව විමසාබැලීමේ දී, එවැනි දුරකථන සාකච්ඡාවක් සිදු නොවූ බව ඔහු කියා ඇතත්, ඔහුගේ සමීපතම ආරංචි මාර්ග පවසන්නේ නිමල් පෙරේරා අදාළ දුරකථන සාකච්ඡාව හා ඒ හා බැඳුණු එකඟතා කිසිවකුට ප්‍රකාශ නොකරන බවයි.

මෙම ගනුදෙනුවට අදාළවම, වත්මන් වෙළඳ හා පාරිභෝගික කටයුතු ඇමැති වසන්ත සමරසිංහට තමන් ලබාදුන් කප්පම් මුදල ගැන නිමල් පෙරේරා විසින් දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් කොමිෂමට ලබා දී තිබුණ ද මේ වන විට එම දිවුරුම් ප්‍රකාශය අතුරුදහන්ව ඇතැයි අල්ලස් කොමිෂමේ අපගේ ආරංචි මාර්ග පෙන්වා දේ.

නිමල් පෙරේරා එක් කාලෙක ධම්මික පෙරේරාගේ ”දකුණු අත” ලෙස සමීපතම ව්‍යාපාරික සහකරුවා ලෙස කටයුතු කළේය. ඔවුන් දෙදෙනා එක්ව කොටස් වෙළඳපොළ තුළ දැවැන්ත සමාගම් ප්‍රමාණය ද මිල දී ගත්හ. හේලීස්, රෝයල් සෙරෙමික්ස්, වැලිබල් වන්, කිංග්ස්බරි හොටෙල් සහ ඩිල්මේජ් වැනි ප්‍රධාන පෙළේ සමාගම් රැසක් එලෙස මේ දෙදෙනා එක්ව අත්පත් කරගත් ඒවා වෙි.

පසුව වසර 17 ක සබඳතාවකින් පසු නිමල් පෙරේරා, ධම්මික පෙරේරාගේ සියළුම ව්‍යාපාරික වගකීම්වලින් ඉවත්ව තිබේ.

ජනප්‍රිය පුවත්  "මහින්ද ඇතුළු පිරිස සමූල ඝාතනය කරන්න එක්නැලිගොඩ සමඟ සාකච්ඡා කළා !" - හිටපු කොටි සාමාජික උසාවියේ දී කියයි !

කෙසේ වෙතත්, මෑතක දී ආන්දෝලනයට ලක් වූ එයාර් බස් ගනුදෙනුවට අදාළවත්, සිංගප්පූරු හා ඕස්ට්‍රෙිලියානු බැංකු ගිණුම් හරහා සිදු වූයේයැයි කියන මුදල් විශුද්ධිකරණය විමර්ශනවල දී ද නිමල් පෙරේරාගේ නම සඳහන්ව ඇත.

”ක්‍රිෂ්” නඩුවට අදාලව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවලට අනුව, එහි සඳහන්වන ප්‍රශ්නගත මුදල් සංසරණය වී ඇත්තේ ද නිමල් පෙරේරා හරහා ය.

මේ වන විට ඔහු පදිංචිව සිටින්නේ ඕස්ට්‍රෙිලියාවේ ය. ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇත්තේ වත්මන් අගවිනිසුරු එම ධූරයේ රැඳී සිටින කාලය තුළම නිමල් පෙරේරා වෙතින් නාමල් රාජපක්ෂට වරද පැටවෙන ප්‍රකාශයක් ලබාගෙන, එමගින් නාමල් රාජපක්ෂ වැරදිකරුකර කෙසේ හෝ සිරගත කරන්නටය. නිමල් පෙරේරා, සිය කැමැත්තෙන් ”අසාත් මවුලානා” කෙනෙකු බවට පත්වුවහොත් ජනාධිපතිවරයාගේ අදාළ අරමුණ මුදුන්පත් කරගැනීමට හැකිවනු ඇතැයි සිතිය හැකිය.

  • සන්ජීව සුමල් තන්ත්‍රිආරච්චි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x