සතුරා නිමැවීම
1 min read
👉 තෝරාගත් දේශපාලන කණ්ඩායමක් හෝ ප්රජාවක් සතුරන් හැටියට ලේබල් කරනවා. ඔවුන් දූෂිත, අපරාධකාරී, විනාශකාරී පිරිසක් කියන අදහස සමාජගත කරනවා. ඒකම නැවත නැවත ප්රචාරය කරනවා
👉 සතුරා වෙන වෙනම නොගෙන කණ්ඩායමක් විදියට ඉලක්ක කරනව. ඒ කණ්ඩායමම විනාශකාරීන් විදියට හඳුන්වාදෙනවා (collective blame)
👉 එයාල හැමෝම නරකයි. අපි හැමෝම හොඳයි. කලු හා සුදු මිශ්ර මිනිස්සු නෑ. ඉන්නෙ කලු හා සුදු අය විතරයි
👉 තමන්ට තියන, තිබුන හැම ප්රශ්ණයටම (පුද්ගලික ජීවිතයේ අඩුපාඩුවලට පවා) හේතුව එයාලා. එයාලා නැති කලොත් ප්රශ්ණ ඉවර වෙනවා කියල කියනවා
👉 ඉතිං එයාලා විනාශ කල යුතුයි. ඒකට නීති හදන්න ඕන. විනාශ කිරීම සාධාරණයි. මොකද එයාලා නරක අය. ඔවුන් විනාශ කිරීමට විරුද්ධ වෙන්නෙ එයාලගෙම කැටගරියේ අය. ඔවුනුත් නරක අය
කාලයක් යද්දි මිනිස්සුන්ට මේක familiar වෙනවා. ඔවුන් සතුරන් කියල හිතෙන්න ගන්නවා. හොඳ යැයි කියන අය දැඩිව විශ්වාස කරනවා. සතුරන් යැයි කියන අය භුක්ති විඳින්නේ ඔවුන් විඳිය යුතු දේවල් කියල හිතනවා
ප්රොපගැන්ඩා කියන්නෙ ඕකට ! ඒක එකරැයින් මිනිස්සු හිතන පතන විදියේ වෙනසක් කිරීමක් නෙවේ. මිනිසුන්ගෙ මනසට නොදැනෙන්න, ක්රමිකව කරන දෙයක්
මං උඩ කීවේ ප්රොපගැන්ඩා artists ලා වුන නාසියො බලේට එන්න කලින් ඉඳන්ම ක්රමිකව අනාගත නාසි රාජ්යයකට අවශ්ය වටපිටාව හදපු විදිය
පලවෙනි ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාද වීම, වර්සෙල්ස් ගිවිසුමෙන් ජර්මනිය අසරණ වීම, ග්රේට් ඩිප්රෙෂන් නිසා ඇතිවූ ආර්ථික අර්බුදය නාසින්ට මේ වැඩේට සරුසාර භූමියක් හදල දුන්නා
බලේ ගත්තට පස්සෙත් උන් එකරැයින් යුදෙව්වො, කොමියුනිස්ට්වාදීන් හා දේශපාලන විරුද්ධවාදීන් සංහාරය කලේ නෑ. එතන්ට ගියෙ අවසානෙදි
යුද්දෙන් පස්සෙ.. මේ සා බරපතල අපරාධ රට තුල වෙද්දි ජර්මන් ජනතාව බම්බු ගැහුවද කියල ලෝකයෙන් ඔවුන්ව දැඩිව ප්රශ්ණ කලා. ගොඩක් අය කීවෙ එකම උත්තර. “අපි දැනන් හිටියෙ නෑ”, “මෙහෙම කරයි කියල හිතුවෙ නෑ”
දැන් එමු ලංකාවට ++++++++++
👉 ගෝඨා ආන්ඩුවේ දුර්වලතා කීපයක් නිසා 2022 දරුණු ආර්ථික අර්බුදයක් ඇතිවුනා
👉 ඒකෙ ප්රතිථලයක් විදියට ඒ ආන්ඩුව පලවා හැරීමේ මහජන අරගලයක් ආවා
👉 අරගලයේ මුල්කාලයේ අරගලය තුල පවා නොසිටි පක්ශයක්, ඒ තුල බලය ලබාගැනීමේ ස්වර්ණමය අවස්ථාවක් දැක්කා
👉 ඔවුන් ආර්ථික අර්බුදයට හේතුව රාජපක්ෂලා හොරාකෑම කියල සරල හා ජනප්රිය අදහසක් සමාජගත කලා
👉 එතැනිනුත් නොනැවතී ‘හොරු’ කියන කුලකය තවත් පුලුල් කරා. 48 ඉඳන් 2024 දක්වා රට පාලනේ කල සියලුම පාලකයින් හොරුන්ය කියල එක ලේබලේකට සියලුදෙනාම ලඝු කලා (collective blame)
👉 ඊට පස්සෙ ඉතුරු වුනේ කඳවුරු දෙකයි. එයාල හැමෝම හොඳ වුනා. අනිත් හැමෝම නරක හොරු වුනා
👉 අපිට අත්විඳින්න සිදුවූ සියලු ගැටලු, පීඩා වුනේ අන්න ඒ නරක උන් නිසාය කියල කීවා
👉 මිනිසුන්ගේ වෛරය කලකිරීම හා කෝපය පොදුවේ පිටකරගන්න ඒක වාන් දොරටුවක් වුනා
👉 ඒකෙ දිගුවක් ලෙස 2024 දි බල පෙරලියක් වුනා. හොඳ අය අධික බලයක් අරන් බලේට ආවා
එතැන් පටන් වසර 2ක් තිස්සේ, නීතිය සැමට සමානයි කීවට කලින් වගේම.. එයාලගෙ නොවන අයට ක්රියාත්මක වෙනවා, එයාලගෙ අයට නැවෙනවා
හැමෝම නරකයි කීවට අති බහුතරයක් අදටත් චෝදනා නැතුව හෝ ඔප්පු කරගන්න බැරිව ඉන්නවා. රාජපක්ෂ පවුලත් තාම එලියේ
රට තුල විවිධ සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලුත් උඩට එමින් පවතිනවා
👉 ඒ අතරේ හොඳ අය එකපාර ව්යවස්ථා සංශෝධන ගේනවා. අධිකරණයේ වෙනස්කම් කරනවා. හේතුව විදියට කියන්නෙ නරක අයට දඬුවම් දෙන්න කියල. ඒවා වේගවත් කරන්න කියල
👉 මිනිස්සුත් ඒක ඇත්ත කියල විශ්වාස කරනවා. නරක අයට දඬුවම් ලැබෙනවනම් හොඳයිනෙ කියල හිතනවා
👉 ඒ අතරේ පලාත් සභා ඡන්දෙ කල් දානවා. ආය වෙන ආන්ඩු නෑ කියනවා. විරෝධතා නොසලකා ඉන්නවා. තග දානවා.
මේ කියන්නෙ මාලිමා ආන්ඩුව මිනිස්සු ගෑස් කාමරවල දාලා මරයි කියල නෙවේ
ආඥාදායකත්වයට එකම ස්වරූපයක් නෑ. විවිධ හැඩ තියෙන්න පුලුවන්
කෙසේ හෝ, මොකක්දෝ සමානකමක් පෙන්නුම් කරනවා වගේ ලාවට..
- Srinath Dissanayake
