June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත්⁣ තැබූඅමුතු ෆේස්බුක් සටහන

1 min read

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සහ හිටපු ජාතික ධාවන ශූර සුගත් තිලකරත්න මහතා විසින් පසුගිය 30 වැනිදා සමාජ මාධ්‍ය වෙත එක් කළ සටහනක් මේ වන විට සමාජයේ කතාබහට ලක්ව තිබේ.

ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ එම සටහනේ සඳහන් වූයේ, “සමහර තනතුරු ලැබෙන්නේ තිබුණු දේත් නැතිවෙලා යන්න” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ බිහි වූ දක්ෂතම ධාවන ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන සුගත් තිලකරත්න මහතා 2024 මහ මැතිවරණයෙන් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසි අතර, පසුව ඔහුට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ධුරය ද හිමි විය.

කෙසේ වෙතත්, පසුගිය කාලය තුළ ඔහු දේශපාලන කටයුතු සම්බන්ධයෙන් යම් කළකිරීමකින් පසුවන බවටත්, මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී විදේශගත වීමට සූදානම් වන බවටත් විවිධ කටකතා සමාජ මාධ්‍ය සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ සංසරණය විය.

එහෙත්, එම කටකතාවලට අදාළව හෝ ඔහුගේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සුගත් තිලකරත්න මහතා මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

එබැවින් ඔහුගේ නවතම ෆේස්බුක් සටහන ඉහත කටකතා සමඟ සම්බන්ධද යන්න පිළිබඳව මේ දක්වා තහවුරු කළ හැකි තොරතුරු අනාවරණය වී නොමැත.

ජනප්‍රිය පුවත්  යුද්ධයෙන් ඊශ්‍රායල ආර්ථිකයට දැඩි බලපෑම් - පාඩුව ඩොලර් බිලියන 2.9ක්

ජනප්‍රිය පුවත්  රන් ඇපකර මත ලබාදෙන ණය සඳහාත් උපරිම ණය අනුපාතයක් !
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x