June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආසියාවේ වැඩිම තෙල් මිල ලංකාවේ… නොහැකියාව, හොරකම වංචාව හේතුවයි…!

1 min read

හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සිය නිල ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනකි.

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ යෑමට හේතුව ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුධ ගැටුම් බව ආණ්ඩුව සහ එහි නියෝජිතයෝ පුනරුච්චාරණය කරති. අපගේ හිත මිතුරන් බොහෝ දෙනෙකු ද එය එසේම යැයි සිතා සිටින බව පෙනේ.

මෙහි දැක්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට පහර දීම ඇරඹූ 2026 පෙබරවාරි මස 28 සිට ඊයේ (2026 මැයි 31) දක්වා ගෙවී ගිය මාස 3 කාලය තුළ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල සහ ඈත පෙරදිග රටවල ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ ගිය ප්‍රතිශතයි.

අන් සියලු රටවලට වඩා ලංකාවේ ඩීසල් සහ පෙට්‍රල් මිල ප්‍රතිශතයක් වශයෙන් ඉහළ යෑමට හේතුව ඇමරිකා-ඉරාන යුද්ධය විය නොහැකි ය. දුර්වල ආර්ථික කළමනාකරණය, අවිචාරවත් ලෙස වැඩි මිලට මිලදී ගැනීම, වංචාව, බාල ගල් අඟුරුවලින් සිදුවූ පාඩුව ඩීසල් සහ පෙට්‍රල්වලින් ආවරණය කර ගැනීම, බදු ඉහල නැංවීම හෝ මෙහි නොකියැවෙන වෙනත් කරුණක් හෝ ඊට හේතු විය හැකිය.

ජනප්‍රිය පුවත්  අපනයන අංශයට එල්ල වූ දිට්වා බලපෑම දරාගන්න අසීරුයි!

අවාසනාවකට අනුර කුමාර දිසානායක මැතිතුමා අද විපක්ෂයේ නොසිටින නිසා ඒ කරුණු මොනවාදැයි නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කිරීමට සමතෙක් අද මෙරට විපක්ෂයේ සිටින බවක් නොපෙනේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x