June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

1 min read

දිට්වා සුළි කුණාටුවෙන් පොදු ස්ථාන වලට සිදු වූ හානි මේ දක්වා පිළිසකර කිරීමට නොහැකි වී ඇත්තේ නිලධාරීන් නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පොදු ස්ථානවලට සිදු වූ හානි සදහා නිසි තක්සේරුවක් මේ දක්වා සිදු කර නොමැති බවය.

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උමා ඇළ මහා වාරි ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,

“ලෝකයම දන්නවා මස්පන්නේ බස් නැවතුම්පොළ මහා විනාශයක් වුණා කියලා. බස් පිටින් යට වුණානේ. මම නිලධාරීන්ගෙන් ඇහුවා ඇයි මස්පන්නේ බස් නැවතුම්පොළ හැදුවේ නැත්තේ? ඇයි ඇස්තමේන්තුව දැම්මේ නැත්තේ? කට්ටිය ඉන්නවා කතා කරන්නේ නැතුව. මම කිව්වා කවුද වගකියන්නේ? කාගෙද බස් නැවතුම්පොළ? බස් නැවතුම්පොළ කාගෙද කියලා දැනගෙන හිටියේ නැහැ. අන්තිමේට හොයලා දුන්නා.

24 වෙනිදා ගියා හලාඹේ පාලම බලන්න. හලාඹේ පාලම දාලා නැහැ දිට්වා එකට. හලාඹේ පාලමේ බැම්ම පුපුරලා, ලෑලි ටික දිරලා. මම එතන ඉඳන් කෝල් දීලා ඇහුවා ඇයි දැම්මේ නැත්තේ? කට්ටිය එහාට මෙහාට කෝල් දෙනවා, දාලා නැහැ. පාලමට අයිතිකාරයෙක් නැහැ. මම කිව්වා අදම හදන්න ඕනේ කියලා”

ජනප්‍රිය පුවත්  මැයි 18 ‘ජනසංහාර අනුස්මරණ දිනය’ ලෙස නම් කරන්න ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අලුත් මහ ඇමති විජේගෙන් ඉල්ලයි.

ඒ වගේ වාරිමාර්ගයෙත් වෙන්න පුළුවන් පොඩි පොඩි ඒවා අතපසු වෙලා තියෙනවා නම් දැන්ම දාගන්න මේ කියන්නේ මම. දිට්වාවලින් අතහැරිච්ච ඒවා තියෙනවා නම් දාන්න. මොකද දැන් මම ඉස්සෙල්ලා කිව්වේ බිලියන් 500ක් වෙන්වෙලා 168යි වියදම. දැන් අර සල්ලි ටික ආපහු මේ අවුරුද්දේ කරගන්න බැරි වුණොත් ආපහු ගියාට පස්සේ ආයි ගන්න ලේසි නැහැ. දිට්වා කියලා ලබන අවුරුද්දෙත් කියන්න පුළුවන්ද ලෝකෙට? ඉතින් ඒවා හදන්න ඕනේ. ඉතින් දිට්වා වරද්දන අභියෝගය වගේ ඉතින් අපි ඉන්න ඕනේ ඕවට අභියෝග කරගෙන එන්න.

ඒ නිසා දේශපාලන අධිකාරියට කරන්න පුළුවන්නේ මේවා හොයලා කියලා සල්ලි ටික දීලා අපි මේවා කරන එක. නිලධාරීන්ට පුළුවන්නේ ඇස්තමේන්තු ටික හදලා ඒ ටික මේවා කරන එක. ජනතාවගෙත් උනන්දුව තියෙන්න ඕනේ මේ ටිකට උදව් කරන්න.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x