June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කටුනායක අධිවේගය හදන්න ගිය වියදමෙන්, අළුතෙන් වාහන ගනී !

1 min read

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සැදීමට ගිය මුළු වියදම හා සමාන මුදලක් (එනම්, රුපියල් කෝටි 1750 ක්) වැය කර අළුත් වාහන මිල දී ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන ඇති තීරණය මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල් බරපතල නාස්තියකට ඇද දැමීමක් බව ආර්ථිකවේදීහු පෙන්ව දෙති.

මීට පෙර ආණ්ඩුව ජනධිපති කාර්යාලය ඇතුළු රජයේ විවිධ ආයතන ආයතනවල වූ සුඛෝපභෝගී වාහන යනුවෙන් හඳුන්වා තවදුරටත් පාවිච්චි කළ හැකි වාහන සැලකිය යුතු සංඛ්‍යාවක් අඩු මිලට විකිණූ අතර, එකල මහජනතාවට ඒත්තු ගැන්වූයේ රජයේ වාහන අතිරික්තයක් පවතින බවය. එසේ පවසා කෙටි කලක් තුළ රු. බිලියන 17.50 ක් හෙවත් රු. කෝටි 1,750 ක් වියදම් කර අළුත්ම වාහන විශාල තොගයක් මිල දී ගැනීමට ක්‍රියා කිරීම බරපතල විෂමාචාරයක් බව එම වියතුන් පෙන්වා දෙති. නව වාහන 1,000 ක් ගෙන්වීමට අදාළ ටෙන්ඩරයේ මුළු වලංගු කාල සීමාව ලෙස ලබා දී ඇත්තේ දින 12 ක් පමණි. එම ටෙන්ඩරයේ ඉදිරිපත් කර ඇති කොන්දේසි අනුව මෙම වාහන 1,000 ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව ලබා ගත හැක්කේ ටොයොටා සමාගමට පමණි. රු. බිලියන 17.5 ක් වැය කර මෙබදු වාහන තොගයක් එකවර ගෙන්වීමේ දී ලැබෙන විශාල කොමිස් මුදල යන්නේ කාගෙ සාක්කුවට දැයි මහජනතාව විමසිය යුතු බව එකී ආර්ථිකවේදියෝ අවධාරණය කරති.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුව ගැන විශ්වාසය බිඳ වැටීමෙන් වෙළඳපොළ අස්ථාවර වෙලා.. කළු කඩේ ඩොලර් මිල ඉහළ ට..!

වගීෂා කුලවංශ

Lanka Underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x