June 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඊළඟ බිල්ල ශවේන්ද්‍ර සහ ජගත් ඩයස් !

1 min read

කුමාරන් පද්මනාදන් විසින් සොයා දෙන ලද පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වූ රත්‍රං තොගයක් අස්ථානගතවීම පිළිබඳ චෝදනාවකට හිටපු හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් සහ මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගෙන් ප්‍රශ්න කර අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට ආණ්ඩුවේ ඉහළ පෙලේ සාකච්ඡාවක දී තීරණය කර තිබේ. මේ දෙදෙනාම වන්නි මානුෂීය මෙහෙයුමේ දී ප්‍රමුඛතම සේනාංක දෙකකට නායකත්වය දුන් සෙන්පතියන් දෙපළකි.

වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී LTTE බාධාවන් බිඳ දමමින් වේගවත්ම ඉදිරිගාමී මෙහෙයුම දියත් කළ 58 වැනි සේනාංකයේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ය. මන්නාරම, විදත්තල්තිව්, පුනරින්, කිලිනොච්චිය සහ පුදමාතලන් දක්වා වූ වෙරළ තීරය මුදා ගැනුනේ එම සේනාංකය මගිණි.

මේජර් ජෙනරාල් ජගත් ඩයස් ද වන්නි මානුෂීය මෙහෙයුමේ දී LTTE යේ දේශපාලන මූලස්ථානය වූ කිලිනොච්චිය නගරය මුදා ගැනීමේ ඓතිහාසික මෙහෙයුමට නායකත්වය දුන් 57 වැනි සේනාංකයේ සේනාංකාධිපතිවරයා ලෙස ක්‍රියා කළේය. මීට අමතරව ඔහු 56 වැනි සේනාංකාධිපති ලෙස ද මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති ලෙස ද ක්‍රියා කර ඇත. මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවට අයත් නිලධාරින් වේ.

ජනප්‍රිය පුවත්  කන්කසන්තුරේ වරායත් ඉන්දියාවට!

ඊයේ (12) “කොටි දුන්න ලයිස්තුව සිර කිරීම කඩිනමින්” යන හිසින් අප ඵල කළ ප්‍රධාන ප්‍රවෘත්තියේ මෙම අත්අඩංගුවට ගැනීම්වලට අදාළ පසුබිම් කතාව අණාවරණය කර තිබේ. (කරුණාකර එම පුවත කියවන්න) ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ මේජර් ජෙනරාල් ජගත් ඩයස් රත්තරං චෝදනාවක් ඉදිරියට දමා අත්අඩංගුවට ගැනීමට සූදානම්වන්නේ, එම පුවත මගින් අණාවරණය කරන ලද ජනාධිපතිවරයා හා LTTE යේ ජාත්‍යන්තරව ක්‍රියාත්මක සංවිධාන කිහිපයක් සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාව මතය.

තම සමීපතමයන් “ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අහෝසි කරන්නේ නැද්ද?” යනුවෙන් විමසන විට දී ජනාධිපතිවරයා පිළිතුරු වශයෙන් පවසන්නේ “ඒකෙන් තව කරගන්න වැඩ ටිකක් තියෙනවා. එතකන් ඉන්න !” කියාය. මේ කියන වැඩ ටික, කොටි හිතවාදී සංවිධාන මගින් දඩයම් කිරීමට දුන් රණවිරුවන් පිරිස දඩයම් කිරීම ය.

කුමාරන් පත්මනාදන් විසින් දෙන ලද ප්‍රකාශයක් මත පදනම්ව මෙම ප්‍රශ්න කිරීම සිදු කිරීමට නියමිතව තිබේ. අභ්‍යන්තර ආරංචි මාර්ගයන්ට අනුව, මේ වන විට වන්නි මානුෂීය මෙහෙයුමට පුරෝගාමීව දායක වූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා සහ බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේ ඉලක්ක කර ගනිමින් චෝදනා නිපදවීම දැනටම ශූක්ෂමව සිදු කෙරෙමින් තිබේ.

ජනප්‍රිය පුවත්  ගල් අඟුරු හිඟයි ! ඉදින දින 57 අනතුරේ !!

මෙම වසර නිමා වීමට පෙර, මෙම සියළු දෙනාවම දැඩි පීඩාවකට ලක් කරන අන්දමේ දඩයමකට ලක් කිරීම ආණ්ඩුවේ උවමනා වී තිබේ.

– විශේෂ වාර්තාකරුවකු විසිනි –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x