April 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමරිකා – ඉරාන සාකච්ඡා බිඳවැටෙයි:

1 min read

පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවති ඓතිහාසික ඇමරිකා – ඉරාන සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව නිල වශයෙන් අවසන් වී ඇති බව ඇමරිකානු උප ජනපති JD Vance ප්‍රකාශ කර තිබේ.

සාකච්ඡා අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් උප ජනපතිවරයා අවධාරණය කළේ, ඇමරිකාව ඉදිරිපත් කළ කොන්දේසි පිළිගැනීමට ඉරානය කටයුතු නොකළ බවයි. “අපි කිසිදු එකඟතාවයකට පැමිණියේ නැහැ. මෙය ඇමරිකාවට වඩා ඉරානයට නරක ආරංචියක් වනු ඇත. ඔවුන් අපගේ කොන්දේසි පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නොකරන බවටත්, ඒ සඳහා අවශ්‍ය මෙවලම් ලබා නොගන්නා බවටත් ඉරානය විසින් ලබාදිය යුතු ස්ථීර සහතිකය (Affirmative commitment) ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මෙම තීරණාත්මක බිඳවැටීමට හේතු වී තිබේ.

මේ අනුව, ඇමරිකානු දූත පිරිස යළි වොෂින්ටනය බලා පිටත්ව යාමට නියමිත අතර, තාවකාලිකව නැවතී තිබූ යුදමය වාතාවරණය යළිත් ආරම්භ වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x