August 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සම්බා කියා බාස්මතී නැවක් කොළඹට!

1 min read

කීරි සම්බා වෙළෙඳපොළේ හිඟවීම මත ඊට ආදේශකයක් ලෙස යොදාගත හැකි සහල් ගෙන්වීමට රජය විසින් තීරණය කරන ලදී. ඒ අනුව ලබාදුන් බලපත්‍ර ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු අතර බෙදා දී තිබේ. එම බලපත්‍ර අතුරින් වැඩි ප්‍රමාණයක් විවිධ නම් යටතේ ලබාගෙන ඇත්තේ ‘නිහාල් එන්ටර්ප්‍රයිසස්’ නමැති ආයතනයයි. රජය විසින් කීරි සම්බා සඳහා සමාන වූ ආදේශක සහල් වර්ගයක් ගෙන්වීමට ලබාදී ඇති බලපත්‍ර යොදාගෙන, එකී ආයතනය මේ වන විට බාස්මතී සහල් විශාල තොගයක් ලංකාවට ගෙන එමින් තිබේ.

ඒ අනුව, දැනට ඉන්දියාවෙන් පිටත්ව ඇති සහල් මෙට්‍රික් ටොන් 100ක නැවෙන් 80% ක්ම පවතින්නේ මිල අධික බාස්මතී වර්ගයේ සහල්ය. මෙම විශේෂ බලපත්‍ර මඟින් ගෙන්වන සහල් සඳහා බලපාන්නේ අතිශය සුළු බද්දකි. ඒ අනුව බාස්මතී වැනි සහල් වර්ගයක් එම සුළු බද්ද යටතේ වෙළෙඳපොළට පැමිණීමෙන් අධික ලාභයක් ලබා ගැනීමට සහල් ආනයනකරුවාට අවස්ථාව හිමි වේ. නමුත්, එමඟින් කීරි සම්බා හිඟයට කිසිදු විසදුමක් මෙරට පාරිභෝගික ජනතාවට හිමි නොවේ.

මේ අතර නිහාල් එන්ටර්ප්‍රයිසස් අධිපතිවරයාගේ නිවසේ ඊයේ රාත්‍රියේ පැවති සාදයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක රන්වල, ලක්මාලි හේමචන්ද්‍ර හා දිනේෂ් හේමන්ත යන අය සහභාගී වී තිබේ.

ජනප්‍රිය පුවත්  ඉවත්වනු! යැයි කිව්වත් මාලිමාවේ නගරාධිපතිගේ දුව “බෑ”ම කියයි!බඩුත් සමග බඩු මාට්ටු!

බාස්මතී සහල් නීත්‍යානුකූලව ගෙන ඒමේදී බලපාන අධික බද්ද මඟහැර, සුළු බදු ගෙවීමක් හරහා කීරි සම්බා ලෙස පෙන්වා සුළු බදු ගෙවීමක් හරහා මේවා ගෙන්වීමෙන් ආනයනකරුවා අතිශය විශාල අයුතු ලාභයක් අපනයනකරුට හිමිවේ. එම වාසියෙන් පංගුවක් වසන්ත සමරසිංහලාගේ සාක්කුවට ද යන බව රහසක් නොවේ.

කෙසේ වෙතත්, මෙම බාස්මතී පුරවා ගත්, කීරි සම්බා ලෙස වෙස්ගන්වන ලද නැව ලබන 16 වැනිදා කොළඹ වරායට ඇතුළු වීමට නියමිතව තිබේ.

කීරි සම්බා හිඟය පෙන්වා අඩු බදු පිරිවැයක් යටතේ බාස්මතී ගෙන්වීමේ ජාවාරම, දූෂණ විරෝධීව බලයට ආ ආණ්ඩුවේ තවත් ප්‍රධාන හොරකමක් බවට පත්ව ඇත.

දිළින ප්‍රභාත් නම්මුනිගේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Zane4910
Zane4910
3 months ago
Colin1345
Colin1345
3 months ago
2
0
Would love your thoughts, please comment.x
()
x