April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මැදපෙරදිග ශ්‍රමිකයෝ අනතුරේ!

1 min read

ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය එක්ව, ඉරානය ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් වීම හේතු කොටගෙන මැද පෙරදිග කලාපයේ පවත්නා ඇමරිකන් එක්සත් ජනපදයට හා ඊශ්‍රායලයට අයත් විශ්ව විද්‍යාල ඇතුළු සිවිල් ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බව ඉරානය විසින් අනතුරු අඟවා තිබේ.

මෙම තත්ත්වය හේතු කොටගෙන මැද පෙරදිග කලාපයේ මෙන්ම ඊශ්‍රායලයේ රැකියාවන්හි නියතු ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන් බලවත් ජීවිත තර්ජනයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

මෙය හේතු කොටගෙන බොහෝ රටවල් මේ වන විට සිය වැසියන් මැද පෙරදිග කලාපයෙන් ඉවත් කර ගැනීම ආරම්භ කර ඇත. ඉරානයට එරෙහි යුද්ධය මුළු මහත් කලාපයම ආවරණය වන තත්ත්වයකට දැන් වැඩෙමින් පවතින අතර, එමගින් පෙරට වඩා ජීවිත අවධානමක් ඇති කර තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් එහි ප්‍රකාශකයකු කියා සිටියේ මෙතෙක් මැදපෙරදිග කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව කිසිදු විශේෂ තීරණයක් ගෙන නොමැති බවයි.

දසුන් රලපනාව

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x