සලේට එරෙහිව ශානි අටවපු “රොකට් ලොන්චර්” උගුල මෙන්න !
1 min read
හමුදා බුද්ධි අංශයේ සාමාජිකයකුව සිටි කලීල් නමැත්තා ලබා දුන් තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක දී “රොකට් ලොන්චර්” වර්ගයට අයත් නවතම ගිනි අවි 3 ක් සොයාගනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාසයේ දී ය. මෙම “රොකට් ලොන්චර්” වර්ගයේ ගිනි අවි තිබුණේ තොප්පිගල වනගත ප්‍රදේශයක වූ ගල් ගුහාවක් තුළය.
කලීල් සහ අසාත් මවුලානා යන දෙදෙනාම නැගෙනහිර පළාත් මහඇමති පිල්ලියාන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කර තිබේ. අසාත් මවුලානා යනු, “චැනල් 4” නාලිකාව හමුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට යුද හමුදා බුද්ධි අංශය වගකිවයුතුයැයි ප්‍රකාශ කළ පුද්ගලයා වේ. කලීල්ගෙන් ලද තොරතුර මත මෙම මෙහෙයුම සිදුකරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමකි.
මෙම මෙහෙයුමේ දී වරුණ ජයසුන්දර ඇතුළු කණ්ඩායමට නිරීක්ෂණය වූ වැදගත් කරුණු කීපයක් විය. ඉන් පළමුවැන්න නම්, සොයාගත් “රොකට් ලොන්චර්” වර්ගයේ ගිනි අවි 3 බහා තිබූ බෑග් හා සමාන තවත් බෑග් 12 ක් ගිනි අවි රහිතව එම ස්ථානයේ තිබීම ය. එයින් අදහස් කෙරුණේ, සොයාගත් වර්ගයේ ගිනි අවි 15 ක් එම ස්ථානයේ තිබී කිසිවකු විසින් ඉන් 12 ක් රැගෙන ගොස් ඇති බවය. අනෙක් කරුණ වූයේ මෙම ගිනි අවි පැරණි, මළකඩ කෑ ගිනි අවි නොවීමය. විශේෂ කාර්ය බළකායේ නිරීක්ෂණය අනුව ඒවා මත තවරා තිබූ “ග්‍රීස්” උපරිම මාස 3 කට වඩා පැරණි නැත.
මෙම කරුණ මත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර වැඩිදුර පරීක්‍ෂණ සඳහා කලීල් නැමැති තොරතුරුකරුව තමන් හමුවට පමුණුවන ලෙස නියෝග කළේය. එහිදී යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානී මේජර් ජෙනරල් දීප්ත ආරියසේන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට දුරකථනයෙන් අමතා කලීල් නැමැති තොරතුරුකරුව අදාළ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කළ නොහැකි බව පවසා තිබේ. “ඔබ හදන්නේ පණිවුඩකරුට වෙඩි තබන්නද?” යනුවෙන් මෙහි දී යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙතින් තර්ජනාත්මකව විමසා ඇත.
මේ තත්වය ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පතිවරයා විසින්, පොලිස්පතිවරයා වෙත දැනුම්වත් කර තිබේ. පොලිස්පතිවරයාද ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය අනුමත කරමින් අදහස් දක්වා ඇත.
මේ අතර, රහස් පොලීසිය බාර ප්‍රධානී විශ්‍රාමික නි. පොලිස්පති ශානි අබේසේකර තෙවන පාර්ශවයක් හරහා වරුණ ජයසුන්දරට යෝජනා කරන්නේ සොයාගත් ගිනි අවි 3 අසල වූ හිස් බෑග් පිළිබඳ පරීක්ෂණයක් සිදුකර, එය හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සලේගේ ගිණුමට බැර කරන මෙන්ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ. ශානි අබේසේකර දන්වා ඇත්තේ සලේගේ ගිණුමට අතුරුදන් ගිනි අවි 12 පිළිබඳ වගකීම පවරන්නේනම්, ඒ සඳහා උදව්වීමට කලීල් නමැති “තොරතුරුකරු” ඉදිරිපත් කළ හැකි බවයි.
තමන් කරන ලද යෝජනාව වරුණ ජයසුන්දර ප්‍රතික්ෂේප කිරීම නිසා ඉන් බලවත් ලෙස කෝපයට පත් ශානි අබේසේකර දැන් සැරසෙන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වරුණ ජයසුන්දරගේ ද සම්බන්ධයක් ඇතැයි චෝදනා නාටකයක් ඉදිරිපත් කර ඔහුව ද අත් අඩංගුවට ගැනීමට ය. ඉදිරි දිනවල එය එසේ සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබේ.
– විශේෂ විමර්ශන අංශය –