August 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරු විශ්‍රාම වයස වැඩිකිරීම අධිකරණ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක්.. – නිර්මාල්

1 min read

විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය විසින් යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට එල්ල කරන බරපතල තර්ජනයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

තම යූ ටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම සංශෝධනය හුදු ප්‍රතිපත්තිමය තීරණයක් නොව, පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා සකස් කරන ලද්දක් බවයි.

විනිසුරුවරුන් අවුරුදු 67 දක්වා සේවය කිරීමේ වරදක් තමන් නොදකින නමුත්, දැනට සේවයේ නියුතු අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු පිරිසකගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා පමණක් මෙවැනි සංශෝධනයක් ගෙන ඒම සදාචාරාත්මක නොවන බව ඔහු පෙන්වා දෙයි.

රජයට හිතවත් හෝ රජයේ දේශපාලන ව්‍යාපෘතියට සහාය දක්වන පුද්ගලයන් තවදුරටත් තනතුරුවල රඳවා තබා ගැනීමට උත්සාහ කිරීම හරහා අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටෙන බව දේවසිරි මහතා පවසයි.

මෙම ක්‍රියාවලිය හරහා අධිකරණය දේශපාලනීකරණය වන බවට සමාජය තුළ ප්‍රබල මතයක් නිර්මාණය වන බවත්, එය විපක්ෂයට රජයට එරෙහිව භාවිතා කළ හැකි ප්‍රබල ‘සටන් පාඨයක්’ වන බවත් ඔහු සඳහන් කළේය. මින් ඉදිරියට අධිකරණය මගින් ලබා දෙන ඕනෑම තීන්දුවක් ‘දේශපාලන බලපෑම මත ලබා දුන් තීන්දුවක්’ ලෙස හංවඩු ගැසීමට මෙවැනි ක්‍රියාමාර්ග හේතු වන බව ඔහු අනතුරු

ජනප්‍රිය පුවත්  තිලිණි පියුමාලිට සහ ජානකී සිරිවර්ධනට කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා කියවයි | “ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඔෆිස් එකයි, සුපිරි වාහනයි දැකලා මම රැවටුණා” – අසාත් සාලි මහාධිකරණයේදී කියයි

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x