September 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම ලබා දිය හැකියි.. – උදය ගම්මන්පිල

1 min read

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ ඒ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු තිබියදීත් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ට මරණ දඬුවම පවා ලබා දිය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

සහරාන් හෂීම් ඇතුළු පිරිස ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි අංශ විසින් එවකට ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර තිබුණද, ඔවුන් සහරාන් යනු කවුදැයි නිසි අවබෝධයකින් පසු නොවූ බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

එහෙත්, එම අවධියේදීම වවුනතිව් පොලිස් නිලධාරීන් ඝාතනය, මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීම, වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සහ මඩකලපුව පාරමුණේදී මෝටර් සයිකල් බෝම්බයක් අත්හදා බැලීම යන සිදුවීම් හතරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටි බව ඔහු සිහිපත් කළේය.

සහරාන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුව තිබුණේ රහස් පොලිසිය භාරව සිටි රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ට බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනප්‍රිය පුවත්  පොලිස්පතිවරයා හැසිරෙන්නේ පැලවත්ත කාර්යාලය කියන විදිහට.. දේශපාලනඥයො දෙන ලණු කන්න එපා.. - නාමල් රාජපක්ෂ

“පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයා යාම” නමැති කෘතියේ ශානි අබේසේකර මහතාට එරෙහිව චෝදනා 11ක් සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇති බවත්, සහරාන් අත්අඩංගුවට ගැනීමට ක්ෂණික පියවර නොගැනීම හිතාමතා සිදුකළ පැහැර හැරීමක් බවත් ගම්මන්පිල මහතා චෝදනා කළේය.

ලෝකයේ වෙනත් කිසිදු රටක පරීක්ෂණයක සැකකරුවෙකු එම පරීක්ෂණයේම ප්‍රධානියා ලෙස කටයුතු නොකරන බවත්, ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබීම කණගාටුදායක බවත් පවසමින් ඔහු සිය අදහස් දැක්වීම අවසන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x