June 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වරුණ ජයසුන්දර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ තීරණයක් ගෙන නැහැ |නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

1 min read

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රැඳවුම් භාරයට ගැනීමට මේ අවස්ථාවේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (12) අභියාචනාධිකරණයට දැනුම්දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මෙම දැනුම්දීම සිදුකළේ වරුණ ජයසුන්දර විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම හෝ රැඳවුම් භාරයට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, අදාළ පෙත්සම ලබන බදාදා (17) දින නැවත කැඳවීමට නියෝග කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x