June 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංගම ඩිපෝ 80ක සේවකයන්ට පඩි ගෙවා නැහැ

1 min read

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ 107 න් ඩිපෝ 80 ක පමණ සේවකයන්ට පසුගිය මාසයට අදාළ වැටුප මෙතෙක් ලැබී නොමැති බව එම මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි.

ලංගම රියැදුරු කොන්දොස්තර හා කාර්මිකයන් සඳහා ලබාදෙන වැටුප් මෙතෙක් ලැබී නොමැති බවද එම මණ්ඩලයේ සේවකයෝ සඳහන් කරති.

ඉන්ධන මිල ඉහළ යාම හා ඩිපෝවල ආදායම් ඊට සාපේක්ෂව අඩුවී වියදම් වැඩි වීම මත මෙම තත්ත්වය උද්ගතවී තිබෙන බව එම මණ්ඩලයේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

බස්නාහිර පළාතේ ඇතැම් ඩිපෝවලට දිනකට රුපියල් ලක්ෂ විසි හයක ඉන්ධන වියදමක් පවතින බවත් ඩිපෝවලින් යොදවන බස්වලින් ලැබෙන දෛනික ආදායම ලක්ෂ දහයකටත් වඩා අඩු බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ලංගම රියැදුරු කොන්දොස්තර හා කාර්මිකයන් සඳහා සෑම මසකම අට වැනිදා වැටුප් ගෙවන බවද ලංගම සෙසු කාර්ය මණ්ඩල සඳහා මාසයේ 26 වැනිදාට වැටුප ගෙවන බවද සඳහන් කළ එම නිලධාරියා මෙමස අට වැනිදා සිට මේ දක්වාම බොහෝ ඩිපෝවල රියැදුරු කොන්දොස්තර හා කාර්මිකයන් සඳහා වැටුප් ගෙවීමට නොහැකි වී ඇති බවද කීවේය.

ජනප්‍රිය පුවත්  සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කරන්න! රහස් පොලීසියට අධිකරණයෙන් නියෝගයක්

මේ සම්බන්ධයෙන් ලංගම සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරියේ නිලධාරීන්ගෙන් විමසීමට ඊයේ උත්සහා කළද එම නිලධාරීන්ගේ දුරකථන ක්‍රියාවිරහිතව පැවතිණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x