June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උළුගේතැන්නට ‘‘පාවාදීමේ“ යෝජනාවක්!

1 min read

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතාගේ විදේශගතව වාසය කරන බිරිඳට විදේශගතව YouTube නාලිකාවක් පවත්වාගෙන යන නාවික හමුදාවෙන් පලාගිය වෙලගෙදර නම් පුද්ගලයකු ලවා අළුත්ම “යෝජනාවක්” ශානි අබේසේකර විසින් ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව නම්, තමන් සියළු කටයුතු කළේ හිටපු නාවික හමුදාපතිවරුන් වන කරන්නාගොඩගේ සහ කොළඹගේ යන අයගේ උපදෙස් මත යැයි නිශාන්ත උළුගේතැන්න මහතා විසින් පවසන්නේනම් ඔහු රජයේ සාක්ෂිකරුවකු බවට පත්කර වහාම ඇප ලබාදීමට කටයුතු කරන්නේය යන්නයි. කෙසේ වෙතත් හිටපු නාවික හමුදාපති උළුගේතැන්න මහතාට ඔහුගේ බිරිඳ මේ බව දැනුම්දීමෙන් අනතුරුව ඔහු පවසා ඇත්තේ, තමන් කිසි විටෙකත් කිසිවකුත් පාවා නොදෙන බවයි.

මේ අනුව පෙනී යන්නේ, සමස්ත නාවික හමුදා ප්‍රධානීන්ගෙන්ම පළිගැනීමේ මෙහෙයුමක ශානි අබේසේකර ඇතුළු ආණ්ඩුව නිරතව සිටින බවයි. බොහෝ විට මෙය, LTTE ඩයස්පෝරාවේ උවමනාව අනුව සිදුකරන ලද්දක් විය හැකි බව බොහෝ දෙනාගේ සැකයට හේතු වී තිබේ.

ධර්මන් ජයතිලක

UNDERGROUND වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x