යායක් වවද්දි ඒ ඇතුළේ බොල් වී කරල් නැද්ද?.. මල් පැල අස්සේ වල් පැල නැද්ද?.. එක්කෙනෙක් වැරදි කළ පලියට හැමෝම වැරදි වෙනවද? – පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ප්‍රශ්න කරති..
1 min read
යායක් වවන විට ඒ තුළ බොල් වී කරල් ද තිබිය හැකි බවත්, මල් පැල ඇස්සේ වල් පැලද ඇති බවත් එක් අයෙකු කළ වැරැද්දකට සියල්ලන්ම පලි නැති බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
හාමුදුරුවරුන් ලෙස මහණ කරන්නේද ගිහි සමාජයෙන් පැමිණෙන අය බවත් සඳහන් කරන උන්වහන්සේ 39000 කට වඩා වැඩි පිරිසක් භික්ෂූන් වහන්සේලා මේ රටේ සිටින බවත් මෙම 39000ක් අතුරින් වැරදි කළ දහ පහළොස් දෙනෙක් සොයාගෙන සමාජ මාධ්‍යවල දැමූ පමණින් සියල්ලන් වැරදිකරුවන් වන්නේ දැයි ප්‍රශ්න කරති.
