September 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් ජනමත විචාරණයකට යන්නැයි නීතීඥ සංගමය කියයි..

1 min read

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයා පියවර නොගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

රූපවාහිනී නාලිකාවක වැඩසටහන සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, නීතීඥ රජීව් අමරසූරිය මහතා මේ බව අවධාරණය කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට විනිසුරු පුරප්පාඩු අටක් පවතින බවත්, ව්‍යවස්ථාවට අනුව එම තනතුරු සඳහා නම් යෝජනා කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් වුවද මාස ගණනාවක් තිස්සේ එම පත්කිරීම් මඟහැර සිටීම බරපතළ ගැටලුවක් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ සූදානමක් පිළිබඳව මීට සති කිහිපයකට පෙර තමන් කිසිවක් නොදන්නා බව පැවසූ රජයේ පාර්ශවයන්, නීතීඥ සංගමයේ අදහස් විමසීමක් පවා සිදු නොකර මෙලෙස කටයුතු කිරීම පිටුපස බරපතළ දූෂණයක් පවතින බවට ද ඔහු චෝදනා කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, නීතීඥ රජීව් අමරසූරිය මහතා,

“මොකක්ද මේ හදිස්සිය? මේක මේ මේ මීටර් 100 රේස් එකක්නෙ දුවන්නේ. එතකොට සති දෙක තුනකට ඉස්සෙල්ලා කවුරුත් ආණ්ඩුවේ කිව්වේ නෑනේ මේක කරනවා කියලා. හැමෝම කියනවා එහෙම කතාවක් තියෙනවා, ඇහිලා තියෙනවා, මං හිතන්නේ අධිකරණ ඇමතිතුමාත් එක වෙලාවක කිව්වා දන්නෑ කියලා. ඊට පස්සේ පස්සේ කිව්වා ඒ වගේ කතාවක් තියෙනවා කියලා. ඉතින් කොහෙන්ද මේක ආවේ? මේක ඇත්තටම දූෂණයක්. සති තුනකට ඉස්සෙල්ලා එහෙම දෙයක් දන්නෑ කියපු කට්ටියම එකපාරට, දැන් අපෙන් අදහස් විමසනවා කියලත් කිව්වනේ…

ජනප්‍රිය පුවත්  එක් රටක් එක් නීතියක් බොරු පුස්සක් පේදුරුතුඩුවෙන් අලුත් නීතියක්!

අපට වේකන්සීස් අටක් තියෙනවා මේ සුප්‍රීම් කෝර්ට් එකේ. ඒවා පුරවන්නේ නෑ. ඒක අපේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ව්‍යවස්ථාව අනුව එතුමා නමක් යවන්න ඕනේ. ඉතින් මාස ගාණක් පත් කරන්නේ නෑ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්තීන් හා සම්ප්‍රදායත් කඩ කිරීමක්. මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන්, ජනාධිපතිතුමාගෙන් මේ ගැන අයෙත් හිතලා බලන්න. මේක මේ වෙලාවේ අවශ්‍ය දෙයක් නෙවෙයි. වැඩි කරන්න ඕන නම් අපි සාකච්ඡා කරලා බලමු. ජනමත විචාරණයකට තමයි යන්න වෙන්නේ. කෙලින්ම ජනමත විචාරණයකට ගිහිල්ලා ජනතාවගෙන් අහන්න.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x