August 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මිනුවන්ගොඩ අනතුරින් පසු කන්ටේනර් රථයට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

1 min read

මිනුවන්ගොඩ මාර්ගයේ සිදුවූ මාරාන්තික රිය අනතුරකින් පසු, ඊට සම්බන්ධ කන්ටේනර් රථයට ගිනි තබා අලාභහානි කිරීමේ සිදුවීමට අදාළව පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, දාගොන්න සහ කිඹුලපිටිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20, 25 සහ 26 යන වයස්වල පසුවන තරුණයින් තිදෙනෙකි.

මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ 2 වන සහ 3 වන කණු අතර, බොලවලාන ප්‍රදේශයේදී මාර්ගය හරහා හරවමින් තිබූ කන්ටේනර් රථයක, මීගමුව දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදි දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනාම සිද්ධිය වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව, දාගොන්න ප්‍රදේශයේම පදිංචිව සිටි අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවූ තරුණයින් දෙදෙනෙකි

අනතුරෙන් කෝපයට පත්ව කන්ටේනර් රථයට ගිනි තබා හානි සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (31) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මේ අතර, සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ අතහැර දමා ගොස් තිබූ තවත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ජනප්‍රිය පුවත්  කෙරවලපිටිය වසා දැමීම නිසා මහා පෝලිමක්!

අනතුර සිදුවූ ස්ථානය ආශ්‍රිත CCTV දර්ශන මෙන්ම ලැබී ඇති තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වමින්, කන්ටේනර් රථයට හානි කිරීමට සම්බන්ධ වූ අනෙකුත් සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x