මැදපෙරදිග සිටින පුරවැසියන්ට වහාම ඉවත් වන ලෙස දැනුම්දීමක්
1 min read
මැදපෙරදිග කලාපය තුළ ගැටුම් උත්සන්න වීමේ හැකියාව, ගුවන් අවකාශය වසා දැමීම් සහ ගුවන් ගමන් බාධා කිරීම් සැලකිල්ලට ගනිමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. පවතින දැඩි මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවල අවදානම හේතුවෙන්, කලාපයේ සිටින සියලුම පුරවැසියන්ට හැකි ඉක්මනින් වාණිජ ගුවන් ගමන් භාවිත කරමින් වහාම ඉවත් වන ලෙස උපදෙස් දී ඇත.
අනතුරු ඇඟවීමට අයත් වන රටවල්👇
ඉරානය
ඉරාකය
ලෙබනනය
සිරියාව
යේමනය
ඊශ්‍රායලය, බටහිර ඉවුර සහ ගාසා තීරය
ජෝර්දානය
ඊජිප්තුව
සෞදි අරාබිය
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
කටාර්
බහරේනය
කුවේට්
ඕමානය
