July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේන තවත් මෙහෙයුමක් දියත් කරයි !

1 min read

විනිසුරු ආයතනයට (Judges Institute) අද (18) කනිෂ්ඨ විනිසුරුවරුන් කැඳවා ඇත්තේ, සම්මන්ත්‍රණයක් සඳහායැයි කියමින් අධිකරණ සේවා කොමිෂම විසිනි. සම්මන්ත්‍රණය මුවාවෙන් කැඳවා ඇති එම කනිෂ්ඨ විනිසුරුවරුන් 75 ක පමණ පිරිසගේ අත්සන් බලහත්කාරයෙන් ගෙන අගවිනිසුරු, දේවගැති සූරසේනගේ විශ්‍රාම වයස දිගු කිරීමට පක්ෂපාතී යෝජනාවක් සකස්කරගෙන තිබේ.

පසුගියදා, දැවැන්ත බාධා මැද අධිකරණ සේවා සංගමයේ සාමාජික විනිසුරුවරුන් එම සංගමයේ මහා සභාව රැස්කර, සූරසේනගේ විශ්‍රාම වයස දිගු කිරීමට එරෙහි යෝජනාවක් සම්මත කරන ලදි. දේවගැති සූරසේන, මෙම ලජ්ජාවිරහිත ක්‍රියාව සිදුකර ඇත්තේ එයට ප්‍රතිචාර වශයෙනි.

අධ්‍යයන සම්මන්ත්‍රණයකට බව පවසා කනිෂ්ඨ විනිසුරුවන් කොළඹට කැඳවා සූරසේනගේ කෑදර උවමනාව ඉටු කර ගැනීම සඳහා මෙලෙස උපයෝගී කර ගැනීමට නීති ක්ෂේත්‍රයේ ඉමහත් පිළිකුලට හේතු වී තිබේ.

මෙම පිරිස අතර, පසුගිය දා බඳවාගත් නවක මහේස්ත්‍රාත්වරු 33 ද සිටිති. සබරගමුව ආණ්ඩුකාරවරිය වන චම්පා ජානකී රාජරත්නගේ පුතා ද එම 33 දෙනාට අයත් ය.

මීට අමතරව පරිවාස කාලය ගත කරන කනිෂ්ඨ විනිසුරන් රැසක් ද ඒ අතර වෙති.

  • ජීවක ප්‍රතිනාන්දු
ජනප්‍රිය පුවත්  ගනේෂ්ට ඇප, සලේට වැට !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x