August 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මම දිව්‍යලෝකයෙන් ආපු කෙනෙක්. විපක්ෂයේ ඉතුරු දේශපාලනයත් ඉවරම කළ යුතුයි – ඇමති අරුණ මාලිමාවේ විශ්‍රාමික හමුදා සාමුහිකයට කියයි

1 min read

විපක්ශයේ දේශපාලන පක්ෂ පසුගිය මැතිවරණවලදී පරාජයට පත් කළත් ඔවුන්ගේ ඉතිරි වී ඇති දේශපාලනයත් ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය එකතුවී ඉවරම කර දැමිය යුතු බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා අවධාරණය කරයි.


“2024 අවසානයේ මැතිවරණ දෙකෙන් අපි පළවාහැරියේ කාවද කියන එක හොඳින් වටහාගත යුතුයි. මේ ලෝකයේ සිටින දරුණුතම සංවිධානාත්මක අපරාධ හා ජාවාරම්කරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ඒ සියලුම මහා අපරාධවලින් සමන්විත වූ අපරාධ ජාලයකින් සමන්විත දේශපාලන අධිකාරියක්. ඒවා එකින් එක ගලවන්න අපිට සිද්ධ වුණා. ඒ විපක්ෂය අපි පරාජය කරලා ඉවරයි. නමුත් අපි ඉතාමත් සංවිධානාත්මකව දේශපාලනික වශයෙන් ඔවුන්ගේ දේශපාලනය අවසන් කළ යුතුව ඇත. මෙතන ඉන්න කවුරුහරි කියන්න ඉදිරි අවුරුදු 25 ඇතුළත අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාත් එක්ක තරග කරන්න ඉන්න කවුරුහරි ඉන්නවා නම් කියන්න. එන්න ඉන්න නායකයෙක් ? නැගී එන නායකයෙක් ? ඉන්න නායකයෙක් ? වෙන පක්ෂයක් තියෙනවා නම්, ව්‍යාපාරයක් තියෙනවා නම් මේ ජාතික ජන බලවේගයත් එක්ක මුහුණට මුහුණට තරග කරන්න ඉදිරියේදී තියෙන ඕනෙම මැතිවරණයකදී ඉන්නවා නම් කියන්න. එහෙම නම් මේ මම වගේ, අරුණ ජයසේකර වගේ හොඳ, උඩින්, දිව්‍යලෝකයෙන් ආපු වෙනම සෙට් එකක් එන්න ඕනෙ. ආයෙ නෑ කවුරුත්. ඒ තරම් දුරට දේශපාලනයේ ඔවුන්ගේ ඉවර කර හමාරයි. දැන් අපි මේ අද හම්බවෙලා තියෙන්නෙ මොකටද ? ඔබලා අපි එකතුවෙලා දේශපාලනික වශයෙන් සංවිධානය වෙලා ඔවුන්ගේ ඉතුරු දේශපාලනය ඉවර කළ යුතුයි. එච්චරයි”

ජනප්‍රිය පුවත්  IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙරටට පැමිණෙයි


විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (19) හෝමාගමදී පැවති ජාජබ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ රැස්වීමක් අමතමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x