August 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අද සිට බිත්තර මිල ඉහළට – බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය

1 min read

අද (20) සිට බිත්තර මිල ඉහළ දැමීමට තීරණය කළ බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 41 ක් දක්වාත්, රතු බිත්තරයක මිල රුපියල් 42 ක් දක්වාත් ඉහළ දැමීමට තීරණය කළ බවයි එම සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ.

ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර, දේශීය ඉරිඟු නිෂ්පාදනය බිත්තර කර්මාන්තයට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණවත් නොවන බවත්, ඉරිඟු වෙනුවට සහල් ඇතුළු විවිධ ආදේශක භාවිත කිරීම හේතුවෙන් සතුන්ගේ සෞඛ්‍යයට හා ආහාර ජීර්ණ පද්ධතියට බලපෑම් එල්ල වී ඇති බවත්, ඒ හේතුවෙන් බිත්තර නිෂ්පාදනය 20% – 30% අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවත් ඔහු පවසා සිටියා.

ඇතැම් කූට වෙළෙඳුන් සත්ත්ව ආහාරවලට විවිධ රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ මිශ්‍ර කිරීම හේතුවෙන් සතුන් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති බවත්, මෙම ‍ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත්ව සිටියත්, ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x