September 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හක්මන නන්දාලෝකට අත තියන්න එපා ! ටිල්වින්ගෙන් නියෝගයක් !

1 min read

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම මගින් පසුගිය දා අධිකරණයේ දී අණාවරණය කලේ රඛිත රාජපක්ෂ සහ චරිත අබේසිංහ ඇතුළු තිදෙනා හරක් කටාගෙන් ලබාගෙන තිබෙන මුදල් වලින් කොටසක් එක්තරා භික්ෂූන්වහන්සේ නමක් හරහා පොලීසියේ ප්‍රධානින් කිහිපදෙනෙකු අතරේ බෙදා හැර ඇති බවය. එහෙත්, අදාළ භික්ෂුව අණාවරණය නොකළ එම කොමිෂම, එම භික්‍ෂුව හා අදාළ පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බවක් අධිකරණය හමුවේ කියා සිටියේ ද නැත.

පසුගියදා “අල්ලස් කොමිෂම හන්ගන හක්මන නන්දාලෝක මෙන්ම !” යන හිසින් අප ඵල කරන ලද ප්‍රධාන පුවත සමග මෙකී භික්ෂුවේශධාරියා පිළිබඳ විස්තර අණාවරණය කරන ලදී. මේ වන විට මෙම භික්ෂුවේශධාරියා පිළිබඳ තවත් තොරතුරු රැසක් අණාවරණය කිරීමට අපට හැකියාව ලැබී තිබේ.

හක්මන නන්දාලෝකව ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට සම්බන්ධ කර දී ඇත්තේ එම පක්ෂයේ අප්‍රකටව කටයුතු කරන එහි පාලක ලේකම් කලවැල්ගල චන්දාලෝක ය. ඒ පසුගිය ජනාධිපතිවරණයට පෙරය. පළමු හමුවේ දී හක්මන නන්දාලෝක ජ.වි.පෙ. අරමුදල සදහායැයි කියමින් රුපියල් කෝටි 10 ක මුදලක් ප්‍රධානය කර තිබේ. අපගේ පෙර පුවතේ සඳහන්ව තිබූ පරිදි බාල ගල් අඟුරු ටෙන්ඩරයේ ගනුදෙනුව සිදුවන්නේ තවදුරටත් එම සබඳතාව ශක්තිමත් වීමෙන් පසුව ය.

ජනප්‍රිය පුවත්  පළාත් සභා ඡන්දය උතුරට හා නැගෙනහිරට !

හක්මන නන්දාලෝක ටිල්වින් සිල්වා හා කලවැල්ගල චන්දාලෝක හිමි සමග ඇති කරගත් සබඳතාව ඔස්සේ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තාව ද සමීප කර ගනු ලැබීය. මේ වන විට ඒ දෙදෙනා අතර පවතින්නේ ද දැඩි සම්බන්ධයකි. ආරක්ෂක ලේකම් තුයියකොන්තා මගින්, හක්මන නන්දාලෝක ගැන ඇතැම් සමාජ මාධ්‍ය පිටු වල ඵල කෙරුණු තොරතුරු වලට එරෙහිව “මෙටා” සමාගමට පැමිණිලි කර ඒවා ඉවත් කරගැනීමට ද මේ වන විට හක්මන නන්දාලෝක සමත් වී ඇත. ඊට අදාළ නිදසුන් අප මේ සමග දක්වා තිබේ.

මේ අතර, හක්මන නන්දාලෝක අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගතහොත්, ඔහු ජ.වි.පෙ. ට දෙන ලද ආධාර හා බාල ගල් අඟුරු මගඩියේ මුදල් බෙදී ගිය ආකාරය ද හෙළිකිරීමට ඇති අවදානම නිසා ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට නියෝග කර ඇත්තේ හක්මන නන්දාලෝකට අත නොතබන මෙන්ය. එයට, රංග දිසානායක එකඟ වී ඇති බව අප වෙත වාර්තා වී තිබේ.

හක්මන නන්දාලෝක භික්‍ෂු වෙස් ගෙන සිටියත්, ඔහු ජීවිතය ගෙවන්නේ බුලත්සිංහල ප්‍රදේශයේ ඔහුට අයත් වතුයායක ඇති සුව පහසු මැදුරක ය. චරිත් අබේසිංහ හා හක්මනට නන්දාලෝක සමීප මිතුරන් බවට පත් වන්නේ ඔහුගේ අවශ්‍යතා සඳහා ක්ෂේත්‍රයට‍ පැමිනෙන නවක නිලියන් සම්බන්ධ කර ගැනීම හරහා ය. ඕනෑම අවස්ථාවක චරිත් අබේසිංහගේ මුදල් අවශ්‍යතාවයක් ඇති වුවහොත් හක්මන නන්දාලෝක එය ඉටු කිරීමට පැකිලී නැත.

ජනප්‍රිය පුවත්  "හරක් කටා"ගෙ පගා චෝදනාව නීතිපති දෙපාර්තමේන්තුවටත් !

හක්මන නන්දාලෝක මෙරට දී භික්ෂු වෙස් ගෙන සිටියත්, ඔහු විදේශගත වූ විට කලිසම කමිසය හැඳ අව් කන්නාඩි පැලඳ කාලය ගෙවන්නේ ගිහියකු ලෙසය. අවස්ථා කීපයකදීම ඔහු චරිත් අබේසිංහ හා තවත් පුද්ගලයන් සමඟ ඩුබායි රාජ්‍යයේ රාත්‍රී සමාජ ශාලා හා විවිද ස්ථානවල රතිකාමීව කාලය ගත කර තිබේ.

එමෙන්ම, ඔහු “කොකේන්” වැනි ඉහළ මිලැති මත්ද්‍රව්‍ය ද පාවිච්චි කරන අයෙකි. රඛිත හා චරිත්ගේ දුක සැප බැලීමට ද හක්මන නන්දාලෝක මැගසින් බන්ධනාගාරයට ද ගොස් ඇත්තේ ඒ පිළිබඳ කිසිඳු වාර්තාවක් කිසිඳු ලේඛනයක සටහන් නොවන පරිදිය.

තවත් විශේෂ අණාවරණයක් ඔහු පිළිබඳ අප ඉදිරියේ දී සිදු කරන අතර, අපගේ පෙර පුවතේ සම්බන්ධතාවය ද මේ සමඟ ඔබට ලබා දී තිබේ.

  • විශේෂ විමර්ශන අංශය Lanka Underground News
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x