July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බැටරි පද්ධති සහිත සූර්ය බලශක්ති විදුලි ඒකකයකට රුපියල් 66.53ක් මිලක්…!

1 min read

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සඳහා හඳුන්වා දීමට යෝජිත නව ගාස්තු ක්‍රමය හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් මත අනවශ්‍ය පිරිවැයක් පැටවීමේ අවදානමක් පවතින බවට ඉංජිනේරුවන් අනතුරු අඟවන බව ‘ද මෝනිං’ පුවත්පත වාර්තා කර සිටියි.

එම පුවත්පත් වාර්තාවට අනුව, බැටරි පද්ධති සහිත සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා ඒකකයකට රුපියල් 66.53ක උපරිම ගාස්තුවක් ගෙවීමට කොමිෂන් සභාව යෝජනා කර ඇත.

විශේෂයෙන්ම පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා වූ උපරිම ඉල්ලුම පවතින කාලසීමාව තුළ මෙම ගාස්තු ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, ජාතික පද්ධති මෙහෙයුම්කරු (NSO) ආයතනයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙකු උපුටා දක්වමින් ‘ද මෝනිං’ පුවත්පත පෙන්වා දෙන්නේ, තරඟකාරී මිලදී ගැනීමේ ක්‍රමවේදය හරහා ඒකකයක් රුපියල් 20ක් වැනි අඩු මුදලකට ලබාගත හැකිව තිබියදී මෙලෙස ඉහළ ගාස්තුවක් නියම කිරීම ගැටලුසහගත බවයි. මෙම යෝජිත ගාස්තු ව්‍යුහය ශ්‍රී ලංකා විදුලිබල පනතේ සඳහන් තරඟකාරී ප්‍රසම්පාදන මූලධර්මවලට පටහැනි බව ද එම ඉංජිනේරුවරයා පවසා ඇත.

මේ සම්බන්ධයෙන් NSO සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා මහතා ‘ද මෝනිං’ පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙම විවේචන ඉදිරිපත් කරන්නේ සේවයේ නියුතු ඉංජිනේරුවන් නොව විශ්‍රාමික ඉංජිනේරුවන් පිරිසක් බවයි. රටේ පවතින බලශක්ති අවශ්‍යතාවය හමුවේ බැටරි ගබඩා පද්ධති අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කර ඇත.

ජනප්‍රිය පුවත්  බන්ධනාගාර කොමසාරිස් හා වැලිකඩ ප්‍රධාන ජේලර් මානව හිමිකම් කොමිසම හමුවට

එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙගාවොට් 450ක අමතර විදුලි ධාරිතාවක් කඩිනමින් අවශ්‍ය වන බවත්, තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගතවන බැවින් මෙම ගාස්තු ක්‍රමය (FIT) හඳුන්වා දීම දැනට පවතින එකම ප්‍රායෝගික විකල්පය බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළ බව එම පුවත්පත් වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජනා කළ ගාස්තු තවදුරටත් අඩු කිරීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව ද ඔහු පවසා ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x