April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාර්ලිමේන්තු නි. මහ ලේකම් නෙරපීම ජාත්‍යන්තරයට!

1 min read

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් නීතිඥ චමින්ද කුලරත්නගේ වැඩ තහනමට ලක් කිරීම මෙන්ම පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් තානාපති කාර්යාල කිහිපයකද විශේෂ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ අනුව ඒ සිද්ධීන් සම්බන්ධයෙන් එම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙමින් සිටින බව දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ සිදුව ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය කාලයේදී පුවත්පත් ඇතුළු මාධ්‍ය කිහිපයකම තොරතුරු වාර්තා පළ වී තිබිණ. එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්ද රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x