May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නන්දලාල් රට පැන්නේ ඇයි ? භාණ්ඩාගාර නිලධාරින් බියෙන්!

1 min read

පසුගිය දා පාර්ලිමේන්තුව හමුවට පැමිණි මහා භාණ්ඩාගාරයේ නිලධාරින් ප්‍රකාශ කර තිබුණේ, ආන්දෝලනාත්ම ඩොලර් මිලියන 2.5 ගෙවීම වාර 10 කදී සිදු කර ඇති බවත්, එයින් වාර 7 ක් සිදුකරන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වන අතර, රාජ්‍ය ණය කළමනාකරණය මහා භාණ්ඩගාරය යටතට පත් කෙරුණු පසු ඉතිරි වාර 3 මුදල් අමාත්‍යාංශය මගින් සිදු කරන ලද බවත්ය. එම අණාවරණයට අනුව මෙම හොරකමේ වඩා බරපතල වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා මහබැංකුවටය.

රාජ්‍ය ණය ගෙවීම (භාහිර ණය) පිළිබඳ කලින් වගකීම පැවරී තිබුණේ මහ බැංකුවටය. එ‍හෙත් 2024 ජූනි 18 වැනි දා දින පාර්ලිමේන්තුවේ සම්මත කර 2024 නොවැම්බර් 25 දින සිට බලාත්මක වූ 2024 අංක 33 දරණ රාජ්‍ය ණය කළමනාකරණ පණත මගින් එම වගකීම එතැන් සිට පවරණු ලැබුවේ මුදල් අමාත්‍යාංශය යටතේ වන රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයටය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය යටතේ 2024 දෙසැම්බර් 02 දින රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය ස්ථාපිත කර තිබේ. එය හඳුන්වනු ලබන්නේ ස්වාධීන ආයතනයක් වශයෙනි.

පසුගිය දා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව හමුවේ භාණ්ඩාගාර නිලධාරීන් සිදු කළ කරුණු දැක්වීමට අනුව ව්‍යාජ භාහිර පාර්ශවයට ගෙවා ඇති ඇ. ඩො. මිලියන 2.5 න් (රුපියල් කෝටි අසූවෙන්) මුදල් අමාත්‍යාංශය යටතේ වන රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මගින් ගෙවා ඇත්තේ වාරික 3 ක් පමණි. මුල් වාරික 07 ම ගෙවා ඇත්තේ එම කාර්යාලය ස්ථාපිත කිරීමට පෙර ඒ පිළිබඳව වගකීම හෙබවූ ශ්‍රී ලංකා මහ බැංකුව මගිණි.

ජනප්‍රිය පුවත්  කපිල චන්ද්‍රසේන සිය දිවි නසාගෙන?

මෙම වංචාව “Free Loyers” සංවිධානය මගින් අනාවරණය කරන ලද වහාම දින කිහිපයක් ඇතුලත මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ රාජකාරීමය නොවන කාර්යයකට බව පවසා තම දරු පවුල පදිංචි ඔස්ට්‍රෙිලියාව බලා පිටත්ව ගොස් තිබේ. අද (01) දිනය වනතුරු ද ඔහු නැවත ලංකාවට පැමිණ නැත. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු හෝ මේ පිළිබඳ කිසිදු මාධ්‍ය නිවේදනයක් හෝ නිකුත් කර නැත. සිද්ධිය හෙළිදරව් කිරීමෙන් පසු මාධ්‍ය හමුවට පැමිණි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාද තතණ තතණ කීවේ “හැකර්වරයෙකු” ගැනය. එමෙන්ම මීට වගකිවයුතු මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම ගැනය. නියෝජ්‍ය මුදල් ඇමතිවරයා මෙන්ම මේ ගැන මාධ්‍යයට කරුණු කී ආණ්ඩුවේ මැති ඇමතීන්ද ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට එරෙහිව ගනු ලබන පියවර ගැනය. ඒ අනුව, විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ගනු ලැබුවේ ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් 5 දෙනෙකුට අදාළව පමණී. එහෙත් අදාල වැරදි මුදල් ගෙවීම වාර 7 කදී සිදු කරන ලද මෙන්ම, එම වැරදි මුදල් ගෙවීම සිදුකිරීම අරඹන ලද මහ බැංකුවේ කිසිවෙකුට එරෙහිව කිසිදු පරීක්ෂණයක් හෝ වරද පැටවීමක් ආණ්ඩුවේ කවරෙකු විසින්වත් සිදුකර නොමැත. එය විශාල කුතුහලය උපදවන කරුණක් බව විවිධ පාර්ශ්වයන් විසින් මතු කරමින් තිබේ.

ජනප්‍රිය පුවත්  නන්දනගෙන් තවත් බෝම්බයක්! ටිල්වින්, ජගත්, මෙල්රෝයි ''නාසි" බලකායක්!

කෙසේ වෙතත්, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඔස්ට්‍රෙිලියාව බලා පැන ගියේ තත්වය සමනය වනතුරු යැයි මහබැංකු ආරංචි මාර්ග පෙන්වා දේ. වැරදි ණය ගෙවීම අරඹා ඇත්තේ මහබැංකුව බැවින්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කර ඇත්තේ එය ඉතිරිව තිබූ වාරික 3 ක් ගෙවා අවසන් කිරීම බැවින්, විදේශ ගමන් තහනම ඇතුළු පරීක්ෂණයේ බලපෑම වඩා එල්ල කළ යුතුව තිබුණේ මහබැංකු නිලධාරීන්ටය. නමුත්, මේ පිළිබඳ පැමිණිල්ල සිදුකළ මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙකු ඇතුළුව 5 දෙනෙකු වැඩ තහනමට ලක් කිරීම මගින් ඔවුන් කෙරෙහි පමණක් බලපාන පීඩනයක් එල්ල කිරීම අසාධාරණ බව භාණ්ඩාගාර නිලධාරීන්ගේ මතයයි. මේ පිළිබඳව පැමිණිල්ල සිදු කරන ලද විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රංග රාජපක්ෂ මහතා අභිරහස් ලෙස මරණයට ලක්වීමත් සමඟ වැඩ තහනමට ලක් වූ සෙසු නිලධාරීන් සිය ජීවිත පිළිබඳ බියෙන් පසුවන බව පැවසේ.

රහස් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ අභිරහස් ලෙස මරණයට ලක් වූ රංග රාජපක්ෂගේ පෞද්ගලික E-mail තම භාරයට ගත්තේ, ඔහු මරණයට ලක් වූ දිනට පෙර දින බවයි. මෙම මරණය හා එම සිදුවීම අතර සම්බන්ධයක් තිබේද යන්නත් මේ වන විට ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ.

ජනප්‍රිය පුවත්  ජනාධිපති බයවෙයි! රනිල්ගේ ගෝලයන්ට සුදු කොඩි ඔසවයි!

-ජීවක සමරසිරි-

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x