May 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනාධිපති මිතුරා “කොස්ට් බෙනිෆිට්” ඉල්ලයි !

1 min read

ජනාධිපති අනුර කුමාරගේ පෞද්ගලික මිතුරකු ලෙස සැලකෙන, බ්‍රිතාන්‍යයේ පදිංචි උවිදු කුරුකුලසූරිය, මෙවර මැයි දින රැළි කොළඹදී එකක් පවත්වනවාට වඩා රටපුරා 21 ක් පැවැත්වීමෙන් සැබෑ ලෙසම සිදු වී ඇත්තේ ඩීසල් වියදම වැඩිවීමක් නොවේදැයි ප්‍රශ්න කරයි.

ඔහුගේ මුහුණු පොතේ ඵළ කර ඇති එම සටහන මෙසේය.

” Cost-benefit analysis එකක් ඉල්ලමු !

දැන් කොළඹට මැයි රැලියට එන ජනයා ඒ ඒ පැතිවලම නවත්තගෙන ඩීසල් වියදම ඉතුරු කරගන්න තමා මෙහෙම ප්‍රාදේශීයව මැයි රැලි තිබිබෙ‍ කියල ජනාධිපතිතුමා කිව්වනෙ අද . පින්තූර දැක්කනෙ මගෙ යට පෝස්ට් එකේ නුවරඑළියට ඇවිත් තිබ්බ බස් කන්දරාව. දැන් කතාව මේකයි. ඒ අය සාම්ප්‍රදායික මැයි රැලියට කොළඹ නොඑවා එයා නුවරඑළියට ගියානෙ. Cost-benefit analysis එකක් කරමුද ප්‍රසිද්ධියේ? එයාට සහ එයාගෙ සහපිරිවර එක්ක නුවරඑළියට යන්න රාජ්‍ය අරමුදල් බාවිතා කිරීමයි මේ ඉතුරු කළා කියන ඩීසල් වියදමයි අතර ! තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම යටතේ ජනධිපතිගෙ මැයි දින ගමනේ වියදම, නුවරඑලිය නගර සභාව, පොලිසිය ආදී වශයෙන් කරපු වියදම් ඉල්ලන්න. ඒ අතරම අනෙකුත් පැතිවල බලයේ ඉන්න පක්ෂයේ මැයි රැලි වලට ගිය වියදම් එක එක කාණ්ඩ යටතේ පුරවැසියන් ඉල්ලන්න!”

ජනප්‍රිය පුවත්  මාරාන්තික උපවාසයට දින 4යි! උපවාසයේ සිටි අයෙකු අදත් රෝහල්ගත කරයි

-ගමිඳු රජනායක-

Add Your Heading Text Here

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x